එවරස්ට් මුදුනේ හිම කන්දක් කඩා වැටී දොළහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
එවරස්ට් කන්ද මුදුනේ තිබූ හිම කන්දක් කඩා වැටීම නිසා දොළොස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව නේපාල බලධාරීහු ප්‍රකාශ කරති.

ඡායාරූප මූලාශ්‍රය, AP
මිය ගිය අයගෙන් වැඩි පිරිස සංචාරකයන්ට මග පෙන්වන්නන් වන නමුත් මිය ගිය අයගේ නම් ගම් තවම නිල වශයෙන් නිවේදනය කර නැත.
මෙම හිම නාය යාම සිදු වී ඇත්තේ එවරස්ට් කන්දේ අඩි දහ නව දහසකට වඩා ඉහල දී.
කඳු නගිමින් සිටි පිරිසක් බේරා ගැනීමට හැකි වී ඇති බවත් තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බවත් නේපාල සංචාරක අමාත්‍යංශයේ ප්‍රකාශක පැවසීය.
මෑත ඉතිහාසය තුළ ලොව උසම කඳු මුදුනේ සිදු වූ දරුණුතම අනතුර මෙය බවට විශ්වාස කෙරේ.
බේරා ගැනීමේ කටයුතුවලට සහාය වීම සඳහා හෙලිකොප්ටර් යානා තුනක් යොදවා ඇති බව වාර්තා වෙයි.




