එවරස්ට් නැග්ගොත් කුණු කිලෝ අටක්

එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව බරපතළ අවධානය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව බරපතළ අවධානය

එවරස්ට් කන්ද තරණය කර ආපසු පැමිණෙද්දී එක් පුද්ගලයෙක් අඩු තරමින් කිලෝ ග්‍රෑම් අටක්වත් බරැති කුණු කසල තොගයක් රැගෙන ආයුතු බවට නේපාල රජය නීති පනවා තිබේ.

එවරස්ට් කන්දේ මීටර පන්දහස් තුන්සියයක් පමණ ඉහල කඳවුරු ගැසීම සඳහා වෙන් කර ඇති ස්ථානය පසු කර යන සියළු දෙනාටම මෙම නීතිය වලංගු බවයි නේපාල රජයේ බලධාරියෙක් බීබීසී යට කියා සිටියේ.

කත්මන්ඩු නුවර සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව රටේ බලධාරීන්ගේ බරපතළ අවධානය යොමු වී ඇති බවයි.