සංඥා ලැබුණේ කළු පෙට්ටියෙන් බවට දැඩි විශ්වාසයක්

ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්

අතුරුදහන් වූ යානය සෙවීමේ නිරතව සිටින කණ්ඩායම්වලට ඉන්දීය සාගරයේදී අසන්නට ලැබුණු සංඥා ධ්වනි තරංග MH370 යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ ඒවා බවට දැඩි විශ්වාසයක් පවතින බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි.

ඔස්ට්‍රේලියානු නෞකාවක් සිව් වතාවක්ම මෙම සංඥා ග්‍රහණය කර ගෙන තිබේ.

 සිව් වතාවක්ම සංඥා ග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නෞකාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිව් වතාවක්ම සංඥා ග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නෞකාව

ඒ අනුව දැනට කෙරෙන සෝදිසි මෙහෙයුම් ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 47000ක් පමණ වූ පටු ප්‍රදේශයකට සීමා කර ඇත.

නමුත් බ්‍රහස්පතින්දා ගුවන් යානයකට හසු වී ඇති සංඥා තරංග MH370 යානයෙන් නිකුත් කළ ඒවා විය නොහැකි බවයි සැලකෙන්නේ.

මගීන් සහ සේවක සේවිකාවන් 239 දෙනෙකු සමඟ මැලේසියානු ගුවන් යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටියදී.