ඉන්දීය මැතිවරණයේ තෙවැනි දිනය

පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවයි

ඉන්දීය මහ මැතිවරණයේ තුන් වැනි දිනය අදයි.

වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවෙන, අධික ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත එකොළහක කෝටි දහයකට අධික ජනතාවකට අද ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි රාහුල් ගාන්ධි

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි රාහුල් ගාන්ධි

පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ.

අලුතින් පිහිටවූ දුෂණ විරෝධී පක්ෂය ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙක වන පාලක කොන්ග්‍රස් පක්ෂයට සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට දිල්ලි නුවරදී දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මතභේදයට තුඩු දී ඇති ඉන්දීය කාශ්මීර කලාපයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහල මට්ටමක පවතින බව බලධාරීහු ප්‍රකාශ කරති.