ගුවන් යානය ආපසු හරවා ඇති බවට සැකයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.
යානය සොයා සිදු කෙරෙන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

සොරා ගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇති දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම දෙදෙනා ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ එකම වේලාවේදී බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළි විය.
මගීන් 239 ක් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යද්දී.
අතුරුදහන් වූ යානය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ගුවන් යානා විසි දෙකක් සහ නැව් හතළිහක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.




