සමලිංගික සේවනයට මැලේසියානු විපක්ෂ නායකට දඬුවම්

'මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක්' -අන්වර් ඊබ්රාහිම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක්' -අන්වර් ඊබ්රාහිම්

මැලේසියාවේ උසාවියක් එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් ට අවුරුදු පහක සිර දඬුවමක් නියම කර තිබේ.

එම සිර දඬුවම නියම කෙරුණේ විපක්ෂ නායකයා සම ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනාවලට වරදකරු වන බව උසාවිය තීන්දු කරනු ලැබීමෙන් පසුව.

එම චෝදනා වලට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් නිවැරදිකරු වන බව මෙයින් වසර දෙකකට පෙර උසාවිය තීන්දු කර තිබුනත් කලින් තීන්දුව වෙනස් කළ නව උසාවිය කියා සිටියේ ඔහු පුන් මෛථුන්‍ය චෝදනා වලට වැරදි කරු වන බවයි.

දේශපාලන අරමුණු තකා මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක් වශයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බවයි මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් කියා සිටින්නේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන මැලේසියාවේ සම ලිංගික සේවනය නීති විරෝධී වන නමුත් මෙතෙක් උසාවි දඬුවම් ලබා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි.