ජපානය ආරක්ෂක වියදම් වැඩි කරයි

japan defence
ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානය පස් අවුරුදු කාලයක් තුල ආරක්ෂක වියදම් වැඩි කරයි

චීනයෙන් එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගෙන ආරක්ෂක වියදම් වැඩි කිරීමේ පස් අවුරුදු සැලැස්මක් ජපානය විසින් ඉදිරිපත් කොට ඇත.තමන්ගේ හමුදාව නවීකරණය කිරීමටත් අදහස් කරන බව ජපානය කියා සිටී.

අලුතින් හමුදා සේනාංක ගොඩ නැංවීම,පුර්ව දැනුම් දීම් කළ හැකි ගුවන් යානා මිළදී ගැනීම,වෙරළ ආසන්නයේ ප්‍රහාර එල්ල කළ හැකි වාහන මිළදී ගැනීම සහ යුධ නැව්‍ මිළදී ගැනීම නව පස් අවරුදු සැලැස්මට අයත් වේ.

චීනයෙන් එල්ල විය හැකි තර්ජන හමුවේ තමන් තාර්කික සහ ප්‍රමාණවත් අන්දමේ පියවරක් ගැනීමට තීරණය කළ බව අගැමති ෂින්සෝ අබේ ගේ ආණ්ඩුව කියා සිටී.

නැගෙනහිර චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් ජපානය සහ චීනය අතර අර්බුදකාරී තත්වයක් ඇතිවී ඇත.

චීනය නැගෙනහිර චීන මුහුදේ සහ ගුවන් කලාපය තුල තමන්ගේ බලය පතුරුවා හැරීමට කටයුතු කරමින් සිටින බව ජපානය කියා සිටී.