ඇපල් සමාගමට ඇමරිකාවේදී අපලයක්

ඇපල් සමාගම ගෙවිය යුතු වන්දිය තීන්දු කෙරෙන්නේ පසුව පැවැත්වෙන නඩු විභාගයකදී
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇපල් සමාගම ගෙවිය යුතු වන්දිය තීන්දු කෙරෙන්නේ පසුව පැවැත්වෙන නඩු විභාගයකදී

පරිගණක උපකරණ මගින් කියවිය හැකි විද්යුත් පොත් මිල ඉහළ දැමීම සඳහා කුමන්ත්‍රණයේ යෙදුනු බවට දැවැන්ත, ඇපල් ඉලෙක්ට්‍රොනික් සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ වරද කරු බවට පත් විය.

මැන්හැටන් දිසා විනිසුරු ඩෙනිස් කෝට් (Denise Cote) ප්‍රකාශ කළ පරිදි සමාගම සිය iPad ටැබ්ලට් පරිගණකය 2009 දී වෙළඳ පලට හඳුන්වා දීමට යාමේදී පොත් ප්‍රකාශකයන් සමගින් කුමන්ත්‍රණයේ යෙදී තිබේ.

ඇපල් සමාගම ගෙවිය යුතු වන්දිය තීන්දු කෙරෙන්නේ පසුව පැවැත්වෙන නඩු විභාගයකදී.

නඩු විභාගයට පෙරාතුව අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙමගින් ඇමරිකානු පාරිභෝගිකයන්ට ඩොලර් කෝටි ගණනක පාඩුවක් සිදු වුන බවයි.

නඩු පවරා තිබුනේ ඇපල් සමාගමට එරෙහිව පමණක් වන අතර සියලුම ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු සමග සම්මතයකට එළැඹ තිබේ.