ඩිමෙන්ශියාවට වඩාත් පොදු හේතුව වන රෝගය පිළිබඳ සොයාගැනීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව ඖෂධයක්, රුධිර පරීක්ෂණ සහ රෝගීන් සඳහා වූ සුවිශේෂී ගම්මානයක් යන කරුණු පසුගිය වසර හතර තුළ ඇල්සයිමර් රෝගීන් සඳහා නව බලාපොරොත්තු ලබා දුන් කරුණු ඇතුලත් වේ. ඩිමෙන්ශියා රෝගීන් සිටින පවුල්වල තරුණ හා මහලු සැමට උපකාර කිරීමට තවත් බොහෝ දේ තිබේ. අදාළ පර්යේෂණ වලින් මෑත වසරවල සැළකිය යුතු වර්ධනයන් සනිටුහන් වී ඇති අතර, ගෙවුණු සැප්තැම්බර් 21 වන දින ලෝක ඇල්සයිමර් දිනය සැමරුණු අතර එය නිමිති කොට ගෙන අපි සොයා ගත් කරුණු හතරක් ගැන ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
ඇල්සයිමර් රෝගය යනු කුමක්ද?
වෛද්‍ය ඇලෝයිස් ඇල්සයිමර්ගේ නමින් නම් කර ඇති ඇල්සයිමර් රෝගය ජාත්‍යන්තර ඇල්සයිමර් රෝග ආයතනයට අනුව වැඩිහිටියන්ගේ ඩිමෙන්ශියාවට වඩාත් පොදු හේතුව වන අතර එය මිලියන 55 කටත් වැඩි පිරිසකට බලපා ඇත.
වෛද්‍ය ඇලෝයිස් ඇල්සයිමර් 1906 වර්ෂයේදී දී, මතකය අඩුවීම සහ භාෂා ගැටලු යන රෝග ලක්ෂණ සහිතව මියගිය කාන්තාවකගේ මොළයේ පටකවල වෙනස්කම් දුටුවේය.
එක්සත් රාජධානියේ ඇල්සයිමර් පර්යේෂණ ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය සාරා ඉමරිසියෝ BBC වෙත තම අදහස් දක්වමින් පවසා සිටියේ "පර්යේෂණ මඟින් අපි ඇල්සයිමර් රෝගය හඳුනා ගන්නේ කෙසේද, වැළැක්වීම සහ ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න වැඩිදියුණු කර තිබෙනවා."
"වසර ගණනාවක් පුරෝගාමී පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම, නිර්භීත අදහස් ඇති දීප්තිමත් පුද්ගලයින්ට පිටුබලය දීම සහ සාර්ථක ඇල්සයිමර් ප්‍රතිකාර කිහිපයක් සමඟින් අපව මේ ස්ථානයට ගෙන ඇවිත් තිබෙනවා." යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1: ජාන බලපෑම් පර්යේෂණයෙන් 'ප්‍රධාන පිම්මක්' (2022)
මෙම වසරේ ප්‍රමුඛ අධ්‍යයනයකින් ප්‍රථම වරට ඇල්සයිමර් රෝගයට අමතර ජාන 42ක් සොයාගෙන ඇත.
ප්‍රංශය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් අටක විද්‍යාඥයන් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන 111,000කගේ ජානමය ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණ කළහ.
මීට පෙර මෙම තත්ත්වයට සම්බන්ධ නොවූ ජාන 42ක් ද ඇතුළුව රෝගය වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති ජාන 75ක් ඔවුන් හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව, ඇල්සයිමර් රෝගය බොහෝ සාධක නිසා ඇති වන බවත් එම ප්‍රදාහයට සම්බන්ධ විශේෂිත ප්‍රෝටීනයක් ද තිබෙන බව ඔවුන් Nature Genetics සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.
අධ්‍යයනයේ සම කර්තෘ මහාචාර්ය ජුලී විලියම්ස් මේ පිළිබඳව විස්තර කර තිබුනේ මෙය ඇල්සයිමර් රෝගය අවබෝධ කර ගැනීම සහ මෙම රෝගය වැළඳීම ප්‍රමාද කිරීමට හෝ වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිකාර කිහිපයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ අපගේ මෙහෙයුමේ ප්‍රධාන ඉදිරි පිම්මක් ලෙසයි.
එසේම "මෙම ප්‍රතිඵල අපගේ එදින් එදා එකතු වන දැනුමට සහයෝගී වෙමින් මෙම සංකීර්ණ ඇල්සයිමර් රෝගය එහි වර්ධනයට සම්බන්ධ බහු ප්‍රේරක, ජීව විද්‍යාත්මක මාර්ග සහ සෛල වර්ග පිළිබඳව අවබෝධයක් ලබා දෙයි." යනුවෙන්ද පවසා ඇත.
වෙනත් පර්යේෂණ පෙන්වා දී ඇත්තේ දුම්පානය සහ ඇතැම් ආහාර රටාවන් වැනි ජීවන රටා සාධක, ඇල්සයිමර් රෝගය වර්ධනය විය හැකි අය කෙරෙහි බලපාන බවයි. නමුත් පර්යේෂකයන් විශ්වාස කරන්නේ ජාන විද්‍යාව විශාලතම අවදානම ඇති කරන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2: ඇල්සයිමර් ගම්මානය (2020)
ඇල්සයිමර් රෝගීන් රැකබලා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නව ප්‍රවේශයක් වන්නේ රෝගීන් සඳහා අදාළ රැකබලා ගන්නන්ගේ අධීක්ෂණය යටතේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා ඉදිකරන ලද ගම්මාන වේ.
ප්‍රංශය 2020 වර්ෂයේදී නෙදර්ලන්තයේ 'ඩිමෙන්ශියා' ගම්මානයක් පදනම් කරගෙන ඇල්සයිමර් ගම්මානයක් නිර්මාණය කළේය.
එය නිරිතදිග ප්‍රංශයේ ඩැක්ස් හි පිහිටා ඇති අතර එහි සිල්ලර බඩු සාප්පුවක්, බාබර් සාප්පුවක් සහ සංගීත සංදර්ශන සහිත ස්ථානයක් ඇත.
එය නිර්මාණය කර ඇත්තේ සාම්ප්‍රදායික මධ්‍යතන යුගයේ "බැස්ටයිඩ්" එනම් ප්‍රාදේශීය ලැන්ඩේස් ප්‍රදේශයේ පොදු බලකොටු සහිත නගරයක සාමාන්‍ය සිරියක් පවත්වා ගැනීම සඳහා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහි ගෘහ නිර්මාණ ශිල්පියා Le Monde පුවත්පතට පැවසුවේ ගමට දෘශ්‍ය වැටක් නොමැති නමුත් බොහෝ ආරක්ෂිත මාර්ග, නගරයේ සමාජ හා සංස්කෘතික ජීවිතයට හොඳින් ඒකාබද්ධ වී ඇති බවයි.
එහි මුලින්ම පදිංචියට ගිය අය අතරින් 82 හැවිරිදි මැඩලීන් එලිසාල්ඩ් පැවසුවේ "එය හරියට ගෙදර ඉන්නවා වගේ, අපිව හොඳට බලාගන්නවා." යනුවෙනි.
එලිසාල්ඩ්ගේ මිණිබිරිය වන අරෝර් පැවසුවේ "ඇගේ මතක ශක්තිය අඩු වීම දැන් අඩුයි. "ඇය දැන් සතුටින්, ඇය ඇගේ ජීවිතයේ සතුට නැවත සොයාගෙන ඇත." යනුවෙනි.
මෙම ඇල්සයිමර් ගම්මානයේ එක් ප්‍රතිඵලයක් නම්, ඒ අසල ජීවත් වන මිනිසුන් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අය පිළිබඳ ඔවුන්ගේ අදහස් වෙනස් කරන බවක් පෙනෙන්නට තිබීමයි.
ගමේ සත්කාරක නගරයේ මිනිසුන් පිළිබඳ සමීක්ෂණයක් 2022 අගෝස්තු මාසයේදී ඇල්සයිමර් සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එහිදී ඇල්සයිමර් ගම්මානයක් නොමැති වෙනත් නගරයක් හා සසඳන විට, මෙම ගම්මානය විවෘත කිරීමෙන් පසු ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් කෙරෙහි ඇති වන පිළිකුල් භාවය අඩුවීමක් පෙන්නුම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
3: වසර 20 කින් පසු එක්සත් ජනපදයෙන් ඇල්සයිමර් ඖෂධයක් අනුමත කිරීම (2021)
ඇල්සයිමර් රෝගය සඳහා වසර 20 කට ආසන්න කාලයකට පසු පළමු නව ප්‍රතිකාරය සඳහා 2021 ජුනි මාසයේදී එක්සත් ජනපදයේ නියාමකයින් විසින් අනුමැතිය ලබා දෙන ලදී.
ඇඩුකේනුමබ් (Aducanumab) යන ඒ ඖෂධය ඇල්සයිමර් රෝග ලක්ෂණ වලට වඩා එහි වඩාත් සුලභ ආකාරය වන ඇල්සයිමර් රෝගයට මූලික හේතුව වන ඩිමෙන්ශියාව ඉලක්ක කරයි.
2019 මාර්තු මාසයේදී, රෝගීන් 3,000ක් පමණ සම්බන්ධ වූ ඇඩුකේනුමබ් ඖෂධයේ අවසාන අදියරේ ජාත්‍යන්තර අත්හදා බැලීම් නතර කරන ලදී. මාසිකව ලබා දුන් මෙම ඖෂධය, මතකය පිරිහීම සහ සිතීමේ ගැටලු ඇති වෙනත් ඖෂධයකට වඩා හොඳ නොවන බව පෙන්නුම් කරන බව තීරණය කරන ලදී.
නමුත් එම වසර අවසානයේදී, එක්සත් ජනපදයේ නිෂ්පාදකයෙකු වූ බයෝජෙන් (Biogen) සමාගම මේ පිළිබඳ වැඩි දත්ත විශ්ලේෂණය කර, අදාළ ඖෂධය වැඩි මාත්‍රාවකින් ලබා දෙන විටදී එය හොඳින් ක්‍රියාත්මක වන බව වාර්තා කළේය.
එසේම එමඟින් සංජානන පරිහානිය සැළකිය යුතු ලෙස මන්දගාමී වූ බවද සමාගම පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් මාසයේදී යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) එය අනුමත කිරීම නිෂ්ප්‍රභ කළේය.
ඇල්සයිමර් රෝගයේ මුල් අවධියේ රෝග ලක්ෂණ ඇති වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමේදී ඇඩුකේනුමබ් ඵලදායී නොවන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය පවසා සිටියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ එය අනුමත කරන අවස්ථාවේ විද්‍යාඥයන් ගණනාවක් කියා සිටියේ එය ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අයගේ මොළයේ අසාමාන්‍ය ගැටිති ඇති කරන ප්‍රෝටීනයක් වන ඇමයිලොයිඩ් ඉලක්ක කර තිබුනත් එය ප්‍රයෝජනවත් වන බවට අත්හදා බැලීම්වලින් සනාථ වී නොමැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එබැවින්, නව ඖෂධයක් එක්සත් ජනපදයේ වෙළඳපොලේ පවතින නමුත්, එහි කාර්යක්ෂමතාව පිළිබඳව තවමත් සැකයක් පවතී.
4: රෝග ලක්ෂණ මතුවීමට පෙර ඇල්සයිමර් රුධිර පරීක්ෂණ (2019)
2019 වර්ෂයේදී දී විද්‍යාඥයින් පැවසුවේ රෝග ලක්ෂණ මතුවීමට පෙර ඇල්සයිමර් රෝගය වර්ධනය වීමට නියමිත පුද්ගලයින් නිවැරදිව හඳුනාගත හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙය ඖෂධ අත්හදා බැලීම්වල ප්‍රගතියට උපකාරී විය හැකි බව ඔවුහු විශ්වාස කළහ. එක්සත් ජනපද විද්‍යාඥයින්ට රුධිරයේ ඇති ඇමයිලොයිඩ් මට්ටමින් මොළයේ රෝගය පිරිහීම පිළිබඳව සොයා ගත හැකි බව පවසා ඇත.
එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් ස්නායු විද්‍යාව ගැන අදහස් දක්වමින්, වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් 158 දෙනෙකුගේ රුධිරයේ ඇති ඇමයිලොයිඩ් බීටා ප්‍රෝටීන් මට්ටම මනිනු ලැබීය. ඔවුන්ට මොළයේ ස්කෑන් පරීක්ෂණ වලට සමාන මට්ටම් පෙන්නුම් කරන්නේ දැයි බැලීමට අවශ්‍ය විය.
ස්කෑන් මගින් සමාන මට්ටම් පෙන්නුම් කර ඇති නමුත් එය ප්‍රතිශතයක් වශයෙන් සටහන් වුයේ 88% ක් ලෙස පමණි. එය රෝග විනිශ්චය පරීක්ෂණයක් සඳහා ප්‍රමාණවත් නොවේ.
පර්යේෂකයන් මෙම තොරතුරු රෝගය සඳහා තවත් අවදානම් සාධක දෙකක් වන වයස අවුරුදු 65 ට වැඩි සහ APOE4 නම් ජානමය ප්‍රභේදයක් ඇති පුද්ගලයින් සමඟ එක් කළ විට එම පරීක්ෂණයේ නිරවද්‍යතාවය 94% දක්වා වැඩි දියුණු විය.
2019 දී එක්සත් රාජධානියේ විශේෂඥයින් ප්‍රකාශ කළේ එම පරීක්ෂණයේ ප්‍රතිඵල බලාපොරොත්තු සහගත වන අතර ඩිමෙන්ශියා පර්යේෂණ වේගවත් කිරීම සඳහා ඇල්සයිමර් සඳහා විශ්වාසදායක රුධිර පරීක්ෂාවකට පියවරක් ගන්නා බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, දැනට රුධිර පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබීමෙන් වළකින ලෙස වෛද්‍ය විශේෂඥයින් ද අනතුරු අඟවා ඇත.
එක්සත් ජනපදයේ ඇල්සයිමර් සංගමය පවසන්නේ ඩිමෙන්ශියා පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ගණනාවක් පාරිභෝගිකයින් වෙත සෘජුවම අලෙවි කර ඇති නමුත් මෙම පරීක්ෂණ කිසිවක් නිවැරදි බව විද්‍යාත්මකව ඔප්පු කර නොමැති බවයි.
සාධක ගණනාවක් තක්සේරු කරමින් වෛද්‍යවරයෙකුගෙන් රෝග විනිශ්චය නිර්දේශ කරයි: වෛද්‍යවරයෙකු සාධක ගණනාවක් තක්සේරු කරමින් රෝග විනිශ්චයක් කල යුතු බව නිර්දේශ කෙරේ.
"මෙවැනි හේතුන් සහ වෙනත් හේතූන් නිසා, ඇල්සයිමර් සංගමය විශ්වාස කරන්නේ, දක්ෂ වෛද්‍යවරයෙකුගේ පරිපූර්ණ පරීක්ෂණයක් සඳහා ආදේශකයක් ලෙස නිවසේ පරීක්ෂා කිරීමේ පරීක්ෂණ භාවිතා කළ නොහැකි බවත් එසේ නොකළ යුතු බවත්ය."
සාරාංශයක් ලෙස, ඇල්සයිමර් රෝගය හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂාවන් සාර්ථක භාවයක් පෙන්වා ඇත, නමුත් රෝග ලක්ෂණ තිබේද යන්න තීරණය කිරීම සඳහා රෝගියාගේ හැසිරීමෙන් වෛද්‍යවරයෙකු රෝග විනිශ්චය කිරීම තීරණාත්මක ක්‍රමයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇල්සයිමර් සහ ඩිමෙන්ශියා ප්‍රතිකාර වල අනාගතය
එක්සත් රාජධානියේ ඇල්සයිමර් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය සාරා ඉමරිසියෝ පවසන පරිදි, ඇල්සයිමර් රෝගය සඳහා සායනික අත්හදා බැලීම් වලදී ඖෂධ 150 කට වඩා තිබෙන නමුත් ඇය අනතුරු අඟවන්නේ මෙම ස්ථානයේ සිට රෝගියෙකු විසින් අනුමත කර භාවිතයට සූදානම් වීම දක්වා කාලය ගත වනු ඇති බවයි.
ඇය වැඩි දුරටත් පැවසුවේ "අනාගතයේ දී ඖෂධ ප්‍රතිකාර සහ ජීවන රටාවේ වෙනස්කම් ඒකාබද්ධ කරන උපාය මාර්ග ඩිමෙන්ශියාවේ බලපෑම සීමා කිරීම සඳහා වඩාත් ඵලදායී විය හැකිය. නව ඖෂධ වර්ධනය වීමට වසර ගණනාවක් ගත වන අතර, ජීවන රටාවේ වෙනස්කම් අප සැමට බලා ගත හැකිය." යනුවෙනි.
අවසාන වශයෙන්, විවිධ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් ඇල්සයිමර් වර්ධනය වීමේ සම්භාවිතාවය අඩු කර ගත හැක. කෙසේ වෙතත්, වෛද්‍ය විද්‍යාව වර්ධනයත් සමඟ, ඩිමෙන්ශියා රෝගී තත්ත්වයට තුඩු දෙන මෙම ප්‍රධාන කරුණට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් එය වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතුය.













