වයස අවුරුදු 60 දක්වා මොළයේ තියුණු බව පවතින බව අධ්‍යයනයක් පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයස අවුරුදු විසි සහ තිස් ගණන්වල සිට මානසික ත්‍රීවෘතාව අඩු වේ ය, යන ජනප්‍රිය උපකල්පනවලට පටහැනිව, මැදි වයස දක්වා මොළයේ තියුණු භාවය පවතින බව අධ්‍යයනයක් විසින් යෝජනා කර තිබේ.
වයස අවුරුදු 10 - 80 ත් අතර පුද්ගලයින් මිලියන 1.2 ක් අධ්‍යයනයය කිරීමෙන්, වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ මනසේ වේගය සාපේක්ෂව ස්ථායීව පවතින බව සොයා ගන්නා ලදී - නමුත් මෙය වෙනස් වීමේ අවදානම වයස්ගත වීමත් සමඟ වර්ධනය වී තිබුණි.
ජර්මනියේ හයිඩෙල්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින්, මිනිසුන් තීරණ ගැනීම සඳහා ගතකරන වේලාව ගණනය කර බැලීමට අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ ක්‍රියාකාරකම් මාලාවක් භාවිත කර තිබුණි.
ඔවුන් තමන් කළ සොයාගැනීම් Nature Human Behaviour හි පළ කළ හ.
විද්‍යාඥයින් සහභාගිවන්නන්හට, පින්තූර මාලාවක් පෙන්වූ අතර ඒවා කාණ්ඩ දෙකකට, හොඳ හෝ නරක ලෙස විවිධ බොත්තම් එබීමෙන් වර්ග කරන ලෙස ඉල්ලා තිබුණි.
ඔවුන් පවසන්නේ මෙම කාර්යයට අපි තීරණයක් ගැනීමට ගන්නා කාලය දළ වශයෙන් ගෙන, එය දත්ත විශ්ලේෂණය කිරීමේ වේගය ලෙස අර්ථ දක්වා තිබෙන මනසේ වේගය ඇතුළු විවිධ ක්‍රියාවලි ඇතුළත් වන බවයි. තීරණය ගැනීමට පෙර සලකා බැලීම සහ තීරණයට එළඹීමට පෙර තොරතුරු සලකා බැලීමට ගතවන කාලය සහ අදාළ බොත්තම එබීමට ගත කළ කාලය සලකා බලා තිබුණි.
ගණිතමය ආකෘති භාවිතා කරමින් පර්යේෂකයන්ට මෙම ක්‍රියාවලියේ එක් එක් කොටස සම්පූර්ණ කරන ලද වේගය තක්සේරු කර තිබුණි.
වයස අවුරුදු විස්සෙන් පසු සමස්ත කාර්යය සම්පූර්ණ කිරීමට ගත කළ සාමාන්‍ය කාලය නරක අතට හැරෙන බවක් පෙන්නුම් කළ ද, තොරතුරු සැකසීමේ මානසික වේගය වයස ආවුරුදු හැට දක්වා මන්දගාමී වීමට පටන් නොගත් බව ඔවුන් සොයා ගත්හ.
අධ්‍යයනය විසින් සොයාගත් දේ :
- වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ගේ සුපරීක්ෂාකාරී බව අවම වූ අතර, වේගය පවත්වා ගැනීම සඳහා නිරවද්‍යතාවය අත්හැරීමට ඔවුන් පෙළඹී තිබුණි.
- වයස අවුරුදු 18 ත් 65 ත් අතර පිරිස්, තමන් ගන්නා තීරණ ගැන වැඩි සැලකිලිමත් බවක් පෙන්වූ හ.
- පුද්ගලයන් වයස්ගත වීමේදී තීරණයට අදාළ බොත්තම එබීමට වැඩි කාලයක් ගත කළ හ.
තීරණ ගැනීමේදී විවිධ ක්‍රියාදාමයන් එකිනෙකට සම්බන්ධ විය හැකි බව විද්‍යාඥයින් විසින් පිළිගන්නා අතර, කලින් ගොඩනැගී තිබුණු මතයන් වැනි වෙනත් සාධක ද තීරණ ගැනීමේ වේගයට බලපාන බව ඔවුන් පවසති.
ඔවුන් නිගමනය කරන්නේ, "මිනිස් ආයු කාලයෙන් විශාල කොටසක් සහ වෘත්තීය ජීවිතය සඳහා, මානසික වේගය වයස්ගතවීම සමඟ මන්දගාමී වීම පිළිබඳව මෙතෙක් පුළුල්ව පැතිර තිබූ සංකල්පයට ඔවුන්ගේ මෙම සොයාගැනීම් අභියෝග කරන බවයි.








