බ්‍රිතාන්‍යය: තෙරේසා මේ අගමැති පදවියෙන් ඉවත්වීමට තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අලුතින් අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසයි.
"නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊළඟ සතියේ සිට ඇරඹීමට පක්ෂ සභාපති සමග එකඟතාවයකට පැමිණියා." යනුවෙන් ඇය කියා සිටී.
කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙකු තෝරා ගනු ලබන තෙක් අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් තෙරේසා මේ සඳහන් කළාය.
හැඟුම්බර ලෙස කතා කළ ඇය පැවසුවේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයේ කටයුතු කිරීමට ලැබීම "තම ජීවිතයේ ලද ගෞරවයක්" ලෙස සලකන බවය.
තමා බ්‍රිතාන්‍යයේ දෙවන අග්‍රාමාත්‍යවරිය වීම පිළිබඳව ආඩම්බර වන බවද ඇය පැවසීය.
වසර 03 ආසන්න කාලයක් අගමැති ධුරයේ හෙබවූයේ ඩේවිඩ් කැමරන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය.
ඊට වසර 06 පෙර ඇය ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළාය.
2017 මහමැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගැනීමට අපොහොසත් විය.
අගමැති ධුරයේ රැඳී සිටියේ තවත් පක්ෂයක සහයෝගය ඇතිවය.
බ්‍රෙක්සිට් සඳහා ධුර කාලයෙන් වැඩි ඉඩක් වෙන් විය.
අගමැතිවරිය ලෙස තෙරේසා මේ ඉදිරිපත් කරන ලද 'බ්‍රෙක්සිට්' සැලසුම් තෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.
එම උත්සාහයට නායකත්වය දීම සඳහා නව අගමැතිවරයෙකුට ඉඩ සැලසීම එක්සත් රාජධානියේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම පියවර බව මට දැන් පැහැදිලියි," ඇය ප්‍රකාශ කළාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
අගමැතිනියගේ ඉල්ලා අස්වීම ගැන ප්‍රතිචාරය පළකරන ලේබර් පක්ෂයේ නායක ජෙරමි කොබින් පවසන්නේ ඇය නිවැරදි තීරණය ගෙන තිබෙන බවය.
කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට මීළඟට තේරී පත්වන තැනැත්තා මහ මැතිවරණයක් කැඳවා රටේ අනාගතය තීන්දු කිරීම ජනතාවට භාර කළ යුතු බව ද ඔහු පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
කොන්සර්වේටිව් පක්ෂයේ මැති, ඇමතිවරුන් කිහිප දෙනෙකුම අගමැතිනියගේ සේවය අගය කරමින් අදහස් දක්වා තිබුණි.
ධුරයෙන් ඉවත්ව යන අගමැතිනි තෙරේසා මේ "සැබෑ ජනතා සේවකයෙකු" බව විදේශ ලේකම් ජෙරමි හන්ට් සඳහන් කර තිබුණි.









