ලෝක ආර්ථික සම්මේලන වාර්තාව 2018: 'ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය නැති කිරීමට තව වසර 200ක් ගතවේවි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2018 වර්ෂය වනවිට ලෝකයේ පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ දත්ත සහ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලෝක ආර්ථික සම්මේලනය විසින් දෙසැම්බර් මස 17 වෙනි දින නිකුත් කර තිබේ.
දේශපාලනය, ආර්ථිකය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල කාන්තා අයිතීන් සම්බන්ධයෙන් බොහෝ විස්තර ඉහත කී වාර්තාවේ සඳහන් වී ඇත.
අදාළ වාර්තාව සැකසීම සඳහා ගවේෂණය කළ රටවල් 149 අතරින්, රටවල් 88 ක ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය මත පදනම්ව වැටුප් ගෙවීමේ විශාල පරතරයක් දක්නට ලැබෙන අතර, දේශපාලනයේ කාන්තා නියෝජනය ඇතුළු කාන්තා අයිතීන් ද ඉතා අභියෝගාත්මක තත්ත්වයක පවතී.
ලොව පුරා පවතින ස්ත්‍රී පුරුෂ පරතරය නිම කිරීමට තවත් වසර සියයකට වැඩි කාලයක් ගත වෙනු ඇතැයි තක්සේරු කර තිබේ. නමුත් අනෙකුත් සිදුවීම් සමග සංසන්දනය කිරීමේ දී සත්‍ය වශයෙන්ම එය ඉතා යහපත් තත්ත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ සඳහා බලපාන හේතු පහත විස්තර කර ඇත.
1. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නැති වීමට ශත වර්ෂ දෙකක් ගත වේ
ආර්ථිකය සහ වෙනත් අංශවල පවතින ස්ත්‍රී පුරුෂ වෙනස්කම් බෙහෙවින් බරපතළ වන අතර, දේශපාලනය තුළ දකින පරතරය ඒ සියල්ලට වඩා විශාලය.
කෙසේවෙතත්, දේශපාලනය තුළ ඇති ස්ත්‍රී පුරුෂ පරතරය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.
වසර 107කින් පමණ දේශපාලනය තුළ සමානාත්මතාව දක්නට හැකි වන නමුත්, ආර්ථිකයට සම්බන්ධ ක්ෂේත්‍රවල වැටුප් සහ පරිපාලනයෙන් කාන්තාවන් සහ පුරුෂයන් සමාන වීමට තවත් වසර 202ක් පමණ ගත වේ.
සමස්තයක් ලෙස ලෝකයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය 20%කට ආසන්න වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
කාන්තා නියෝජනය පිළිබඳ විවිධ ගැටලු රාශියක් එහි සඳහන් කර ඇත. ලෝකය තුළ පරිපාලන අංශයේ රැකියාවලට කාන්තාවන් සම්බන්ධ වන්නේ පුරුෂයන්ට වඩා 35%ක් අඩුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් දක්නට ලැබෙන්නේ අයිස්ලන්තයේ වන අතර, ආර්ථිකයට සම්බන්ධ අංශවල කාන්තා නියෝජනය අතින් ලාඕසය ඉහළම ස්ථානයක සිටී.
කාන්තාවන් බොහෝ විට වැටුප් රහිත ක්‍රියාකාරකම්වල නිරත වීම පිළිබඳ තොරතුරු ද ලෝක ආර්ථික සම්මේලනය ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් වී තිබේ.
"මේ ගැන දත්ත ලබා ගන්න පුළුවන් රටවල් 29ක් ගැන සොයා බලද්දී, සාමාන්‍යයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා නිවසේ කටයුතු සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා වැටුප් රහිත පැය දෙගුණයක් වැඩ කරනවා" යැයි වාර්තාවේ සඳහන් වේ.
සමීක්ෂණය සිදු කළ රටවල් අතරින් 60% ක පමණක් කාන්තාවන්ට පුරුෂයන් හා සමව මූල්‍යමය සේවාවලට ඇතුළු වීමට ඉඩ ඇත. එමෙන්ම, පුරුෂයන් හා සම ලෙස කාන්තාවන්ට ඉඩම් හිමි කරගැනීමට හැකි වන්නේ රටවල් අතරින් 42%ක පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. ශ්‍රී ලංකාවට ඇත්තේ කුමන ස්ථානයක ද?
ලෝක ආර්ථික සම්මේලනය ඉදිරිපත් කළ වාර්තාවට අනුව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සම්බන්ධයෙන් රටවල් 149ක් අතරින් ශ්‍රී ලංකාව ඇත්තේ 100 වෙනි ස්ථානයේය.
පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ.
නීතිය, ගෘහ නිර්මාණ ශිල්පය සහ කම්කරු රැකියාවල නිරතවන කාන්තාවන්ට පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපක් ලැබෙන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී හෙළි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නීතිය අකුරට රැකීමට සහ පිළිපැදීමට දිව්රුම් දී නීතිඥ වෘත්තියට ඇතුළු වන බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ට, පුරුෂයන් හා සමාන වැටුපක් නොලැබේ.
"නීති විද්‍යාලයේ එකට සිටි මගේ පිරිමි යහළුවන් නීතිඥවරුන් විදියට වැඩ කරද්දී මට වඩා වැඩි පඩියක් ලැබෙනවා. ගැහැනියක් නිසා මගේ හැකියාව අවතක්සේරු කරල, දිව්රුම් දීමෙන් පසු පළමු මාසයේ මට පඩි ලැබුනේ රු.10,000 යි. මාත් එක්ක දිව්රුම් දුන් මගේ පිරිමි යහළුවන්ට පඩිය පටන් ගත්තේ රු.20,000 කින්" යැයි නීති ක්ෂේත්‍රයේ වසර හතක පළපුරුද්දක් සහිත නීතිවේදිනී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර සිටියාය.
"ගැහැණු අපිත් පිරිමි හා සමානව වැඩ කරනවා. සමහරදාට අපි රෑ 11.00 විතර වෙන කම් වැඩ කරනවා. ගැහැණු අපි තමයි ඉඩම් ලියා පදිංචි කාර්යාලයට, නඩු පොත් පරීක්ෂා කිරීම සඳහා ලේඛනාගාරවලට සහ නඩුවලට අදාළ නොයෙකුත් වැඩවලට යන්නේ. අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට," ඇය තව දුරටත් පවසා සිටියාය.
3. ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පිනියන්, කම්කරු රැකියාවේ නිරත කාන්තාවන්ගේ තත්ත්වය ද සුබදායක නොවේ
ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තුළ ද ස්ත්‍රී පුරුෂ වැටුප් අසමානතා ඇති බව ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පිනී චතුරංගි සේනානායක පවසන්නීය.
"සාමාන්‍යයෙන් උපාධියෙන් පසු මුල් පඩිය විදියට කාන්තාවකට හෝ පිරිමියෙකුට රුපියල් 30,000 - 35,000 ක් අතර ප්‍රමාණයක් ගෙවනවා. නමුත් උසස් අධ්‍යාපනය (M.Arch විභාගය) ලැබුවාට පසු කාන්තාවකට ගෙවන්නේ රුපියල් 55,000ක් විතර. පිරිමියෙකුට රුපියල් 60,000 - 65,000 ක් අතර ගණනක් ගෙවනවා," ඇය සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"වැඩබිමට ගිහින් තම වෘත්තියේ යෙදෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට (field architects) රුපියල් 80,000 කට ආසන්න පඩියක් ලැබෙනවා. නමුත් කාන්තාවන්ට එහෙම වැඩ ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව රෑ වෙනකම් වැඩ කරල සති අන්තයේත් වැඩ කරන්න තිබෙන නිසා. තවදුරටත් ඉගෙන ගත්ත (Chartered සුදුසුකම් ලත්) පිරිමි ගෘහ නිර්මාණ ශිල්පියකුට රුපියල් 135,000 - 150,000 අතර පඩියක් ලැබෙනවා. සමාන සුදුසුකම් ඇති කාන්තාවකට ලැබෙන්නේ රුපියල් 100,000 ක විතර පඩියක්."
ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු සහ තේ වතුවල කම්කරු රැකියාවේ නිරත එස්.ටී කුමාරි පවසා සිටියේ: "ගෑනු අපි පිරිමි හා සමානව වැඩ කරනවා. දවසේ පඩියට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර. පිරිමින්ට රුපියල් 1,200 - 1500 ක් අතර පඩියක් ලැබෙනවා," යනුවෙනි.
4. මහජන කාර්යාලවල කාන්තා නියෝජනය
ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය පිළිබඳ ජාත්‍යන්තර වාර්තාවට අනුව, රටවල් 149කින් රටවල් 17ක පමණක් කාන්තාවන් වර්තමානයේ රාජ්‍ය නායිකාවන් ලෙස ක්‍රියා කරන අතර, පුරුෂයන් සමග සංසන්දනය කිරීමේ දී මුළු රාජ්‍ය නායකයින් සිටින්නේ 11%කට මදක් වැඩි ගණනකි.
"මේ රටවල් 149 සලකා බැලූ විට, පසුගිය වසර 50 තුළ පුරුෂයන් රාජ්‍ය නායක තනතුර දැරූ කාලය සමග කාන්තාවක් රාජ්‍ය නායිකාවක් හෝ අග්‍රාමාත්‍යවරියක් ලෙස ක්‍රියා කර ඇති කාලය බෙදා ගණනය කර බැලූ විට එය වසර 2.2ක් පමණයි," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත්, කාන්තාවන් කැබිනට් අමාත්‍ය තනතුරුවලට පත් වීම තරමක් සතුටුදායක මට්ටමක පවතී. ලොව පුරා කැබිනට් තනතුරුවලින් 18%ක් හොබවන්නේ කාන්තාවන්ය.
ලෝකය පුරා පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනය 24%ක් පමණි.
ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3%ක් වේ.
කාන්තා නියෝජනය සහ සම අයිතීන් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් වර්ගීකරණය කර ඇති ලැයිස්තුවේ රුවන්ඩාවට හයවන ස්ථානය හිමි වී තිබේ.
ලෝකයේ පළමු අගමැතිනිය තේරී පත්වූයේ 1960දී , එනම් මීට අවුරුදු 57කට පෙර ලංකාවේය. 1994දී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනියක් ද තේරී පත්ව වසර 10 ක කාලයක් පුරා රට පාලනය කළාය. නමුත් වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4%කට මදක් වැඩි ගණනකට සීමා වී ඇත.
මේ තොරතුරුද කියවන්න:
5. ඇතැම් රටවල අධ්‍යාපනයට ඇති බාධා තවමත් ඉතා ඉහළ මට්ටමක
රටවල් 44ක කාන්තාවන්ගේ සාක්ෂරතාව අනුපාතය 20%කට වඩා වැඩි බව ලෝක ආර්ථික සම්මේලන වාර්තාවේ දැක්විණි.
චැඩ් රාජ්‍ය අඩුම කාන්තා සාක්ෂරතාවක් ඇති රට වන අතර, කාන්තාවන් අතරින් ලිවීමට සහ කියවීමට හැකි වන්නේ 13%ට පමණි.
කෙසේ නමුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය ඉදිරි වසර 14 ඇතුළත මුලින් උපුටා දැමිය හැකිය. එය පෙර සිතා සිටියාට වඩා යහපත් තත්ත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝකය පුරා ද්විතීය අධ්‍යාපනය සඳහා පාසල්වලට ලියාපදිංචි වීමේ සාමාන්‍යය අගය ගැහැණු දරුවන් 65%ක් වන අතර, පිරිමි දරුවන් 66%කි.
නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ අගය 39%ක් වන අතර, පුරුෂයන් 34% දක්වා අඩු වී තිබේ.
"මෙයින් හැඟී යන්නේ වඩාත් අපේක්ෂා සහගත අරමුණු සඳහා කාන්තාවන් සහ පුරුෂයන් දෙගොල්ලන්ම යොමු විය යුතු බවයි," වාර්තාවේ සඳහන් වේ.
6. සෞඛ්‍ය සම්පන්න තුලනයක්
සෞඛ්‍ය සහ දිවි පැවැත්ම සම්බන්ධයෙන් ලෝකය පුරා පැවති ස්ත්‍රී පුරුෂ පරතරය මේ වන විට වැසී යෑමට ආසන්න බව වාර්තාවේ සඳහන් වී ඇත.
මෙම නිගමනයට එළැඹ ඇත්තේ කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් සඳහා පිවිසීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගැනීමෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමීක්ෂණය සිදු කළ රටවල් අතරින් කුවේටය, භූතානය සහ බහරේනය යන රටවල් තුනෙහි කාන්තාවෝ පුරුෂයන් හා සමානව හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙති.
7. මුදල්වලින් පමණක් මෙම පරතරය වැසිය නොහැක
ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම රටවල් අතර අයිස්ලන්තය, නොර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය වැනි සංවර්ධිත රටවල් දැකිය හැකි නමුත් ඔබ සිතන පරිදි එය පොහොසත් රටවලට කළ විශේෂ සැලකිල්ලක් නොවේ.
නිකර්ගුහාව, රුවන්ඩාව, පිලිපීනය සහ නැම්බියාව යන සංවර්ධනය වෙමින් පවතින රටවල් ද ලැයිස්තුවේ පළමු දහයට ඇතුළත් වී ඇති අතර, පළමු තිහ ඇතුළත ද මෙවැනි රටවල් රාශියක් දක්නට ලැබේ.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමරිකා එක්සත් ජනපදය ඇත්තේ 51 වෙනි ස්ථානයේ වන අතර, ඉතාලියට හිමිවන්නේ 70 වෙනි ස්ථානයයි.
රුසියාව 75, බ්‍රසීලය 95, චීනය 103 සහ ජපානයට හිමිවන්නේ 110 වෙනි ස්ථානය වීම සැලකිය යුතු කරුණකි.
තවත් තොරතුරු:








