ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල එකාබද්ධ ප්‍රහාරය: ඉරානයේ මිත්‍ර පාර්ශව වන රුසියාව සහ චීනය කොහෙද?

In this pool photograph distributed by the Russian state agency Sputnik, Russia's President Vladimir Putin and China's President Xi Jinping walk at Zhongnanhai leadership compound in Beijing on September 2, 2025.

ඡායාරූප මූලාශ්‍රය, ALEXANDER KAZAKOV/POOL/AFP via Getty Images

    • Author, ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායම, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉරානය එරෙහි ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේදී "ආරක්ෂක" ප්‍රහාර සඳහා ඇමෙරිකාවට තම ගුවන් කඳවුරු භාවිතා කිරීමට එක්සත් රාජධානිය අවසර දීමත් සමඟ, ටෙහෙරානයට විදේශ රටවලින් ලැබිය හැකි සහයෝගය පිළිබඳව අවධානය යොමුව තිබේ.

රුසියාව සහ චීනය ඉරානය සමඟ සමීප රාජ්‍ය තාන්ත්‍රික, වෙළඳ සහ හමුදා සබඳතා පවත්වන නමුත්, මෙම ගැටුමේදී ඔවුන් ඉරානයට සහාය දැක්වීමට කොතරම් දුරට කැමැත්තෙන් සිටිනවාද යන්න අවධානයට ලක්වී ඇත.

රුසියාවේ කට වචන සහ සුළු උපකාර

Iranian President Masoud Pezeshkian and Russian President Vladimir Putin shake hands before a meeting on the sidelines of the Shanghai Co-operation Organisation summit in Tianjin, China, on 1 September 2025

ඡායාරූප මූලාශ්‍රය, SPUTNIK/KREMLIN POOL/EPA/Shutterstock

ටෙහෙරානයට සහාය දක්වමින් ඉරානයට එල්ල කරන ලද ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර රුසියාව දැඩි ලෙස විවේචනය කර ඇත. කෙසේ වෙතත්, ගැටුමට රුසියාව සෘජුවම සම්බන්ධ කෙරෙන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකී සිටින බව බීබීසී රුසියානු ප්‍රවෘත්ති සේවයේ සර්ජි ගෝරියාෂ්කෝ පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවතියද, තත්වය හමුදා ආක්‍රමණයක් බවට පත්වීම ගැන රුසියාව බෙහෙවින් කලකිරීමට පත් වූ බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා තිබේ.

ඉරානයේ නායකත්වය සහ උත්සන්න වීමෙන් බලපෑමට ලක් වූ ගල්ෆ් රාජ්‍යයන් සමඟ රුසියාව නිරන්තර සම්බන්ධතා පවත්වමින් සිටි බව ඔහු පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර; රුසියාවේ විදේශ අමාත්‍යාංශය විසින් දැඩි ලෙස විවේචනය කර ඇති අතර, ඒවා "ප්‍රකෝප නොකළ ආක්‍රමණයක්" ලෙස හඳුන්වන අතර දේශපාලන ඝාතන සහ ස්වෛරී රාජ්‍යයක නායකයින් "ගොදුරු කර ගැනීම" හෙළා දකී.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු ජනාධිපති ව්ලැදීමීර් පුටින් ඉරිදා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් වෙත ශෝකය පළ කරමින් එම ක්‍රියාව "මානව සදාචාරය සහ ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්" ලෙස හැඳින්වීය.

කෙසේ වෙතත්, ක්‍රෙම්ලිනය පැහැදිලිවම ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුද්ගලිකව විවේචනය කිරීමෙන් වැළකී සිටින අතර යුක්රේනය සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමෙරිකා එක්සත් ජනපදය දරන උත්සාහය සඳහා කෘතඥතාව පළ කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සඳුදා රුසියාවට තවමත් ඇමෙරිකාව විශ්වාස කළ හැක්කේ කෙසේදැයි විමසූ විට, පෙස්කොව් පැවසුවේ රුසියාව "පළමුව සහ ප්‍රධාන වශයෙන් තමන් පමණක් විශ්වාස කරන" බවත් තමන්ගේම අවශ්‍යතා ආරක්ෂා කරන බවත්ය.

යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමේ ආරම්භයේ සිටම ඉරානය රුසියාවේ සමීපතම හවුල්කරුවෙකු බවට පත්ව ඇත. ඩ්‍රෝන යානා සැපයීම සහ බටහිර සම්බාධක මඟහරවා ගැනීමට රුසියාවට මාර්ග සොයා ගැනීමට උපකාර කිරීම ඉරානයට රුසියාව දක්වන සහයෝගය බොහෝ දුරට සංයුක්ත ක්‍රියාමාර්ගයකට වඩා වචන වලට පමණක් සීමා වී ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීමට එම උනන්දුව උපකාරී වේ.

ඉරානය ද ක්‍රෙම්ලිනයේ බහුධ්‍රැව නියෝගයක් පිළිබඳ දැක්මට ගැලපේ, එහිදී රාජ්‍ය අයිතිවාසිකම් මානව හිමිකම්වලට වඩා වැදගත් වන අතර, රජයන් රට තුළ පුළුල් පාලනයක් ක්‍රියාත්මක කරයි. එවැනි පාලන තන්ත්‍රයක වැටීම එම ආකෘතියට පහරක් වනු ඇත.

වෙනිසියුලාවේ හෝ සිරියාවේ වේවා; 2025 වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර දින 12 යුද්ධයේදී හෝ වේවා; තම මිත්‍ර පාක්ෂිකයින්ට බලපාන අර්බුදවලදී රුසියාව ඊට මැදිහත්වීම්වලින් වැලකි සිටීමට තෝරාගෙන ඇත.

රුසියාව යුක්රේනය සමඟ ගැඹුරින් ගැටුමට සම්බන්ධ වී සිටින අතර රාජ්‍ය තාන්ත්‍රික සහාය සහ තාක්ෂණික හමුදා උපකාර ලබා දීමට වඩා වැඩි යමක් කිරීමට අකමැති බව හෝ ඇතැම් විට සිදුකළ නොහැකි බව පෙනෙන්නට තිබේ.

2025 ජනවාරි 17 වන දින අත්සන් කරන ලද රුසියානු-ඉරාන උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වීමට ඇති ඉඩකඩ අවමය.

රුසියාව සහ ඉරානය තොරතුරු බෙදා ගැනීමට, ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීමට සහ කලාපය ස්ථාවරව තබා ගැනීමට එක්ව කටයුතු කිරීමට එකඟ වූ නමුත්, එක් රටකට පහර දුන්නොත් එකිනෙකා ආරක්ෂා කිරීමට ඔවුන් පොරොන්දු වූයේ නැත. ඔවුන්ගේ ආර්ථික සබඳතා ද තරමක් කුඩා වන අතර, වෙළඳාම ඩොලර් බිලියන 4 සිට ඩොලර් බිලියන 5 දක්වා විහිදී පවතී.

නමුත් රුසියාව සහ ඉරානය අතර මිලිටරි සහ කාර්මික සබඳතා වර්ධනය වෙමින් පවතී. පෙබරවාරි මාසයේදී, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ රුසියාව විසින් ඉරානයට යුරෝ මිලියන 500ක් වටිනා Verba වර්ගයේ ගුවන් ආරක්ෂක පද්ධති සපයන ප්‍රධාන ගිවිසුමකට අත්සන් තබා ඇති බවයි.

ඉරානය Yak130 පුහුණු ගුවන් යානා, Mi28 ප්‍රහාරක හෙලිකොප්ටර් ලබාගෙන ඇති අතර Su35 ප්‍රහාරක ගුවන් යානා අපේක්ෂා කර සිටින නමුත් රුසියාව තවමත් Verba ගුවන් ආරක්ෂණ පද්ධති සපයා නොමැත.

ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ් ඩ්‍රෝන යානා භාවිතය යුක්රේන පෙරමුණේ රුසියානු හමුදාවන්ගේ උපක්‍රම සැලකිය යුතු ලෙස වෙනස් කළේය. නමුත් පසුගිය වසරේ රුසියාව විසින් ඉරාන අවි මත යැපීම අඩු කරමින් තමන්ගේම ඩ්‍රෝන් නිෂ්පාදනය වේගයෙන් පුළුල් කළේය.

රුසියාවට අනුව ඉරානය බිඳ වැටීමට ඉඩ දිය නොහැකි තරම් වැදගත් නමුත් සටන් කිරීමට තරම් වැදගත් නොවේ. එය වෙනස් විය හැකිය. නමුත් දැනට රුසියාවෙන් ලැබෙන සහාය හමුදා උපකාරවලට වඩා වචන වලට පමණක් සීමා වීමට ඉඩ ඇත.

ආර්ථික ජීවනාලිය ලෙස චීනයේ භූමිකාව

A handout photo made available by the Iranian Foreign Ministry shows Chinese President Xi Jinping greeting Iranian Foreign Minister Abbas Araghchi (L) during a meeting ahead of the Shanghai Co-operation Organisation (SCO) summit in Tianjin, China, on 15 July 2025.

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN FOREIGN MINISTRY HANDOUT/EPA/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා සහ එහි වැදගත්ම බලශක්ති පාරිභෝගිකයා වේ.

චීනය අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ලොව පුරා ඇමෙරිකා එක්සත් ජනපද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උපාය මාර්ගවලට ඔවුන් ඓතිහාසිකව විරුද්ධ වී තිබේ.

චීන-ඉරාන සම්බන්ධතාවයේ හරය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආර්ථික හවුල්කාරිත්වයක් බව බීබීසී ලෝක සේවයේ චීන ඒකකයේ ෂෝන් යුවාන් පවසයි. චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර බලශක්තිය, විශේෂයෙන් තෙල් සඳහා එහි වැදගත්ම පාරිභෝගිකයා වේ.

ඉරානයට එරෙහිව වසර ගණනාවක් ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවුවද, චීනය ඉරාන ආර්ථිකය පවත්වා ගෙන ගොස් ඇත්තේ වට්ටම් සහිත මිල ගණන් යටතේ එහි තෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරගෙන යාම ඔස්සේය. මෙම තෙල්වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන්නේ සම්බාධක වළක්වා ගත හැකි වන පරිදි සහ ඉන්ධන පැමිණෙන ස්ථානය හඳුනා ගත නොහැකි පරිදි රහසිගතව පවත්වාගෙන යනු ලබන නෞකා හරහාය.

උදාහරණයක් ලෙස, 2025 දී චීනය ඉරානයේ නැව්ගත කරන ලද තෙල්වලින් 80% කට වඩා මිලදී ගත් අතර, බටහිර වෙළඳපොළවල් වසා දැමූ විට පවා චීන මිලදී ගැනීම් වලින් උපයන ආදායම ඉරානයේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ආරක්ෂක වියදම් සඳහා අරමුදල් සැපයීමට උපකාරී වී තිබේ.

2021 දී අත්සන් කරන ලද 25 වසරක උපායමාර්ගික ගිවිසුමක් මගින් සම්බන්ධතාවය ශක්තිමත් කරන ලද අතර ඉරාන යටිතල පහසුකම් සහ විදුලි සංදේශ සඳහා චීන ආයෝජන බිලියන සිය ගණනක් පොරොන්දු විය.

චීනයේ 'දීර්ඝ කාලීන සැලසුම'

ඓතිහාසිකවම, ඉරාන-ඊශ්‍රායල සහ ඉරාන-ඇමරිකානු ආතතීන් සම්බන්ධයෙන් චීනයේ ප්‍රවේශය උපායමාර්ගිකව ප්‍රවේශම් සහගත එකකි.

2025 වසරේ දින 12ක ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇතුළුව අතීත ගැටුම් අතරතුර, චීනය සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයක් පෙන්වන ලෙසත් තවදුරටත් සටන් කිරීමෙන් වළකින ලෙසත් නැවත නැවතත් ඉල්ලා සිටි අතර ගැටුමට සෘජුවම සම්බන්ධ නොවී; බාහිර මැදිහත්වීම් පිළිබඳ විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රතිපත්තිය ගැන දොස් පැවරීය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පෙර ගැටුම්වලදී, චීනය ඉරානයට රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කළ අතර, එක්සත් ජාතීන්ගේ යෝජනා දුර්වල කිරීම සඳහා සිය නිෂේධ බලය භාවිතා කළේය. කෙසේ වෙතත්, චීනය කිසි විටෙකත් සෘජු හමුදා මැදිහත්වීමක් සඳහා ඉදිරිපත් වී නොමැත

ගෝලීය තෙල් මිල ඉහළ යාමට හේතු වන සම්පූර්ණ කලාපීය බිඳවැටීමක් ඇති නොකර මැද පෙරදිග කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය කාර්යබහුලව තබා ගැනීම චීනයේ දිගු කාලීන උපාය මාර්ගය වී ඇත.

ඉරානයට බටහිර ගැති රජයක් සිටියේ නම්, එය චීනයට වන ප්‍රධාන උපායමාර්ගික පසුබෑමක් වනු ඇත, මන්ද ඉරානය චීනයට බලශක්තිය සපයනවා පමණක් නොව, කලාපය තුළ එක්සත් ජනපද බලපෑමට එරෙහිව සමතුලිතතාවයට එමඟින් උපකාරී වේ.

ඉරානය බ්‍රික්ස් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මධ්‍යම ආසියාව, කොකසස් සහ මැද පෙරදිග සම්බන්ධ කරන ප්‍රධාන භූගෝලීය සම්බන්ධකරුවෙක් ලෙස කටයුතු කරයි.

ඉස්ලාමීය ජනරජයේ බිඳවැටීම රුසියාව සහ චීනය ශක්තිමත් කිරීමට උත්සාහ කරන බහුපාර්ශ්වික යාන්ත්‍රණවල විශ්වසනීයත්වය දුර්වල කළ හැකිය.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් නොකළහොත්, රටේ දේශපාලන හා හමුදා පද්ධති එලෙසම පවතිනු ඇත.

ඉරානයේ මීළඟ නායකයා වන ඕනෑම අයෙකු සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීම අරමුණු කර ගනිමින් චීනය තම "දිගුකාලීන" නම්‍යශීලීව සිටීමේ සැලසුම් සිදු කරන අතර රුසියාව තමන්ගේම අවස්ථා සොයනවා ඇත.