විශ්ව රූ රැජිණ 2018: සිව් වන වරටත් පිලිපීනය ජය ලබයි

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රූ රැජිණ තරග සඳහා අතිශය උනන්දුවක් පවතින පිලිපීනය සිව් වන වරටත් විශ්ව රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමත් සමගම සමාජ ජාල ඔස්සේ ප්‍රීතිය පළවෙමින් තිබේ.

සඳුදා පෙරවරුවේ, තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අවසන් තරගයෙන් එලෙස ජය ගනු ලැබුවේ, පිලිපීනය නියෝජනය කළ කැට්‍රියෝනා ග්‍රේ (Catriona Gray) නමැති තරුණියය.

ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස්හිදී උපත ලබා ඇති 24 හැවිරිදි කැට්‍රියෝනාගේ පියා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර මව පිලිපීන කාන්තාවකි. ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණු ඇය පසුව මෝස්තර නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීම සඳහා පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබේ.

ඇය පිලිපීනයේ රූ රැජිණ කිරුළ දිනා ගත් අතර මේ වන විට ඇය විශ්ව රූ රැජිණ ලෙස සමස්ත පිලිපීනයේ පමණක් නොව ලෝකයේ ම අවධානය දිනාගෙන සිටී.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පිලිපීනය තුළ රූ රැජිණ තරග අතිශයින් ජනප්‍රියය.

පාසල්, ගම්මාන, නගර ආශ්‍රිතව පවා රූ රැජිණ තරග පවත්වන අතර ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලැබීම එරට ඉමහත් ගෞරවයට පාත්‍ර වීමට හේතු වේ.

කෙසේ වෙතත්, බොහෝ බටහිර රටවල මෙවැනි තරගකාරියන් දෙස බලනුයේ ප්‍රතිවිරෝධී ආකල්පයකිනි.

මේ වසරේ පැවති ඇමෙරිකානු රූ රැජිණ තරගයෙන් පිහිනුම් ඇඳුමින් සැරසීමේ අංගය ඉවත් කෙරුණු අතර එහි සංවිධායකයින් පැවසුවේ, ශරීරයේ පෙනුම මත රූ රැජිණ විනිශ්චය කිරීම මින්පසු සිදු නොකරන බවය.

තවත් කියවන්න: