ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විශ්ව රූ රැජිණ 2018: සිව් වන වරටත් පිලිපීනය ජය ලබයි
රූ රැජිණ තරග සඳහා අතිශය උනන්දුවක් පවතින පිලිපීනය සිව් වන වරටත් විශ්ව රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමත් සමගම සමාජ ජාල ඔස්සේ ප්‍රීතිය පළවෙමින් තිබේ.
සඳුදා පෙරවරුවේ, තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අවසන් තරගයෙන් එලෙස ජය ගනු ලැබුවේ, පිලිපීනය නියෝජනය කළ කැට්‍රියෝනා ග්‍රේ (Catriona Gray) නමැති තරුණියය.
ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස්හිදී උපත ලබා ඇති 24 හැවිරිදි කැට්රියෝනාගේ පියා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර මව පිලිපීන කාන්තාවකි. ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණු ඇය පසුව මෝස්තර නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීම සඳහා පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබේ.
ඇය පිලිපීනයේ රූ රැජිණ කිරුළ දිනා ගත් අතර මේ වන විට ඇය විශ්ව රූ රැජිණ ලෙස සමස්ත පිලිපීනයේ පමණක් නොව ලෝකයේ ම අවධානය දිනාගෙන සිටී.
පිලිපීනය තුළ රූ රැජිණ තරග අතිශයින් ජනප්‍රියය.
පාසල්, ගම්මාන, නගර ආශ්‍රිතව පවා රූ රැජිණ තරග පවත්වන අතර ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලැබීම එරට ඉමහත් ගෞරවයට පාත්‍ර වීමට හේතු වේ.
කෙසේ වෙතත්, බොහෝ බටහිර රටවල මෙවැනි තරගකාරියන් දෙස බලනුයේ ප්රතිවිරෝධී ආකල්පයකිනි.
මේ වසරේ පැවති ඇමෙරිකානු රූ රැජිණ තරගයෙන් පිහිනුම් ඇඳුමින් සැරසීමේ අංගය ඉවත් කෙරුණු අතර එහි සංවිධායකයින් පැවසුවේ, ශරීරයේ පෙනුම මත රූ රැජිණ විනිශ්චය කිරීම මින්පසු සිදු නොකරන බවය.
තවත් කියවන්න: