නිදහසේ කුණු කූඩය: තනපටය

සමාජ මාධ්‍ය ජාලවල බලපෑම් එල්ල කරන පුද්ගලයන් චාරිත්‍ර වෙනුවට පහසුව ගැන සිතීමට ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුබල දේ.

"ලස්සන වෙන්න එක ක්‍රමයකට වඩා තිබෙනවා. එය ඔබේ පියයුරු කෙතරම් අලංකාර ද කියා දෙයින් තීරණය වෙන්නේ නැහැ," යැයි මෙම වසරේ බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහනට ඇතුළත් තනපටය නොඅඳින බ්ලොග්කාරිනියක් වන Chidera Eggerue පැවසීය.

කාන්තාවන් වඩාත් පහසු විකල්ප කරා යොමු වීමේ ප්‍රවණතාවක් ඇති අතර, වයර සවිකර නොමැති යට ඇඳුම් අලෙවියේ වැඩි වීමක් ඇතැයි එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෝ පවසති. සමාජ මාධ්‍ය ජාලවල බලපෑම් එල්ල කරන පුද්ගලයන් චාරිත්‍ර වෙනුවට පහසුව ගැන සිතීමට ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුබල දේ.

නමුත්, මීට බොහෝ කාලයකට පෙර ද තනපටයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා ඇත. 1968 වර්ෂයේ දී ඇමරිකානු රූ රැජිණ තේරීම තරගය පැවැත්වූ ස්ථානය පිටත කාන්තාවන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයෙන් පසු "තනපට ගිනි තබන කාන්තා ක්‍රියාකාරිනියන්" ලෙස ඔවුන් හැඳින්වීය.

උද්ඝෝෂණයට සහභාගි වූවන් තනපට ඇතුළු කාන්තාවන්ට හිරිහැරයක් යැයි සිතන සියලු ද්‍රව්‍ය කුණු කූඩයකට විසි කළ ද, ඔවුන් ඇත්තෙන්ම ඒවාට ගිනි තැබුවේ නැත.

තනපටය විවිධ හැඩවලින් වසර දහස් ගණනක් පැවතුණි. 1907 දී වෝග් සඟරාවෙන් මෙම තනපටය "බ්‍රෙසියර්" යන හඳුන්වා දුන්නේය. මෝස්තර නිර්මාණ ශිල්පී ඉදා රොසෙන්තාල් විවිධ ප්‍රමාණයේ තනපට නිර්මාණය කරන තුරු කාන්තාවන් භාවිත කර ඇත්තේ සෑම දෙනාටම සරිලන සේ නිම කළ එක ප්‍රමාණයේ තනපට වර්ගයකි.