නිදහසේ කුණු කූඩය: තනපටය
සමාජ මාධ්‍ය ජාලවල බලපෑම් එල්ල කරන පුද්ගලයන් චාරිත්‍ර වෙනුවට පහසුව ගැන සිතීමට ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුබල දේ.
"ලස්සන වෙන්න එක ක්‍රමයකට වඩා තිබෙනවා. එය ඔබේ පියයුරු කෙතරම් අලංකාර ද කියා දෙයින් තීරණය වෙන්නේ නැහැ," යැයි මෙම වසරේ බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහනට ඇතුළත් තනපටය නොඅඳින බ්ලොග්කාරිනියක් වන Chidera Eggerue පැවසීය.
කාන්තාවන් වඩාත් පහසු විකල්ප කරා යොමු වීමේ ප්‍රවණතාවක් ඇති අතර, වයර සවිකර නොමැති යට ඇඳුම් අලෙවියේ වැඩි වීමක් ඇතැයි එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෝ පවසති. සමාජ මාධ්‍ය ජාලවල බලපෑම් එල්ල කරන පුද්ගලයන් චාරිත්‍ර වෙනුවට පහසුව ගැන සිතීමට ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුබල දේ.
පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න
රූපලාවණ්‍ය උපකරණ
"රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."
තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණඇඟට අපහසු මෝස්‌තර
"කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."
තවත් කියවන්න ඇඟට අපහසු මෝස්තරමුළුතැන් ගෙයි උපකරණ
"කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා
තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණනිවසේ මෙහෙවර
"සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."
තවත් කියවන්න නිවසේ මෙහෙවරතනපට
"ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා
තවත් කියවන්න තනපටජනප්රිය තරු
"හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි
තවත් කියවන්න ජනප්‍රිය තරුමංගල උත්සවය
"මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා
තවත් කියවන්න මංගල උත්සවයසමාජ මාධ්‍ය ජාල
"ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්
තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාලදැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
"දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා
තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩුතවත් යමක්
පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න
තවත් කියවන්න තවත් යමක්
නමුත්, මීට බොහෝ කාලයකට පෙර ද තනපටයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා ඇත. 1968 වර්ෂයේ දී ඇමරිකානු රූ රැජිණ තේරීම තරගය පැවැත්වූ ස්ථානය පිටත කාන්තාවන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයෙන් පසු "තනපට ගිනි තබන කාන්තා ක්‍රියාකාරිනියන්" ලෙස ඔවුන් හැඳින්වීය.
උද්ඝෝෂණයට සහභාගි වූවන් තනපට ඇතුළු කාන්තාවන්ට හිරිහැරයක් යැයි සිතන සියලු ද්‍රව්‍ය කුණු කූඩයකට විසි කළ ද, ඔවුන් ඇත්තෙන්ම ඒවාට ගිනි තැබුවේ නැත.
තනපටය විවිධ හැඩවලින් වසර දහස් ගණනක් පැවතුණි. 1907 දී වෝග් සඟරාවෙන් මෙම තනපටය "බ්‍රෙසියර්" යන හඳුන්වා දුන්නේය. මෝස්තර නිර්මාණ ශිල්පී ඉදා රොසෙන්තාල් විවිධ ප්‍රමාණයේ තනපට නිර්මාණය කරන තුරු කාන්තාවන් භාවිත කර ඇත්තේ සෑම දෙනාටම සරිලන සේ නිම කළ එක ප්‍රමාණයේ තනපට වර්ගයකි.