ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිදහසේ කුණු කූඩය: ඕපාදුප සොයන කාන්තා සඟරා
ලෝකයේ මුලින්ම ප්‍රකාශයට පත් කළ කාන්තා සඟරාව 1963 දී ප්‍රකාශයට පත් කළ 'The Ladies Mercury' ලෙස විශ්වාස කෙරේ.
එම සඟරාව, "කන්‍යාවියන්ගේ, බිරින්දෑවරුන්ගේ හා වැන්දඹුවන්ගේ ලිංගික කටයුතු පිළිබඳ හාස්‍යය දනවන තොරතුරු මෙන්ම, ආදරය, විවාහය, ජීවිතය, ඇඳුම් සම්බන්ධ සියලුම ප්‍රිය මනාප සහ කුතුහලය දනවන ප්‍රශ්න," ආවරණය කරන්නට සහතික විය.
වර්තමාන කාන්තා සඟරා වැඩි වශයෙන් පොරොන්දුවනු දක්නට ලැබෙන්නේ විලාසිතා සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප තොරතුරු රැගෙන එන්නටය. ඒ අතරම පුළුල් පරාසයක මාතෘකා ද එමගින් ආවරණය කෙරේ.
පාඨකයාට අවශ්‍ය දේ ලබා දෙන බැවින් තමන් සාර්ථකත්වය ලබා ඇති බවට සඟරා හිමිකරුවන් සහ සංස්කාරකවරුන් තර්ක කළ හැකිය.
නමුත්, සමාජයේ නව දැක්ම අනුව, ප්‍රසිද්ධ තරු පිළිබඳව වැඩි වැඩියෙන් සඟරා ඉඩකඩ වෙන් කිරීම, තරුණ පරපුරේ මානසික සෞඛ්‍යයට බලපාන බවට චෝදනාවක් ඇත.
මෑතකදී එක්සත් රාජධානියේ කරන ලද සමීක්‍ෂණයකින්, වයස අවුරුදු 11-16 අතර පිරිසෙන් 58% ක්, 'තරු සංස්කෘතිය සමාජය පෙනුමෙන් පරිසමාප්ත කිරීමට' පීඩනයක් යොදන බවට චෝදනා කරති.