රූ රැජින තරගය ජයගත් කසක්ස්ථාන තරුණයා

Beauty

ඡායාරූප මූලාශ්‍රය, MISS VIRTUAL KAZAKHSTAN

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ 4000 අධික අනුගාමිකයන් පිරිසක් සිටින ඇරීනා ඇලියේවා

රූ රැජින තරගයක් ජයග්‍රහණය කළ විසි දෙහැවිදිරි මෝස්‌තර නිරූපන 'ශිල්පියෙකු' ගැන කසක්ස්ථානයෙන් වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාලයකට පමණක් සීමා වුණ මෙම තරගයට ඇරීනා ඇලියේවා නමින් පෙනී සිටි ඉලයි ඩයගිලෙෆ් ෂිම්කන්ට් අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැළදුවේය. ඔහු තරගයට ඉදිරිපත් කළ ඡායාරූපයට දෙදහසකට අධික පිරිසක් කැමැත්ත පළ කර ඇත.

වැඩි පිරිසකගේ කැමැත්තෙන් ඇලියේවා දකුණු කසක්ස්ථානයේ ෂිම්කෙන්ට් අගනුවර අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැළදුවාය.

නමුත් මෙම ජයග්‍රහණයේ සතුට වැඩි කාලයක් රැදුනේ නැත. තරග සංවිධායකයින් කිරුළ නැවත ලබා ගත්තේ "අසත්‍ය තොරතුරු සැපයීම" හේතුවෙනි. පසුව ප්‍රාදේශීය කිරුළ සහ ජාතික තරගයේ අවසන් වටයට පෙනී සිටීමේ අවස්ථාව 1,975 දෙනෙකුගේ කැමැත්ත ලබා ගෙන දෙවෙනි ස්ථානයට පත් අයිකෙරිම් ටෙමිර්කනොවා හට ලබා දී ඇත.

Skip Instagram post, 1
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post, 1

ඩයගිලෙෆ් තමන් පුරුෂයෙකු බව හෙළි කළේ තරගයේ අවසන් වටයට තේරී දින දෙකකට පසුවය. ඇරීනා ඇලියේවා නම් චරිතය සෑදීම "මගේ කණ්ඩායමේ ව්‍යාපෘතියක්" ලෙස ඔහු පැවසුවේය.

"බොහොමයක් ගෑනු ළමයි හිතන්නේ බාහිර පෙනුම තමයි වැදගත්ම දේ සහ ලස්සන වීම ඉතා අමාරුයි කියල" ඩයගිලෙෆ් පැවසුවේය. "නමුත් මම මගේ යාලුවොත් එක්ක තර්ක කළා පිරිමියෙකුටත් ලස්සන ගැහැණියෙක් වගේ පෙනී ඉදලා දිනන්න පුළුවන් බව"

"මම මෝස්තර නිරූපණ ලෝකයේ ඉන්නේ අවුරුදු 17 ඉඳලා නිරූපණය කරමින් ඡායාරූප නිර්මාණය කළා. මට ඉක්මණින් පෙනුම වෙනස් කර ගන්න පුළුවන්. ඇරීනාගේ රූපය ලබා ගන්න මම ආරාධනා කළේ ඡායාරූප ශිල්පියෙකුට, කොණ්ඩා මෝස්‌තර ශිල්පියෙකුට සහ රූපලාවන්‍ය ශිල්පියෙකුට විතරයි"

"මම පුදුම වුණා මාව අවසන් වටයට තේරුණා" ඔහු තවදුරටත් පැවසුවේය.

Skip Instagram post, 2
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post, 2

සාමාන්‍යයෙන්ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ පවත්වන මෙවන් තරගවලට ලැබෙන්නේ සමීප ප්‍රතිචාරයකි. ඒ අතර, ඩයගිලෙෆ් "අනිත් ගෑනු ළමයි හැමෝටම වඩා හුරුබුහුටියි" ලෙස අදහස් පළ වී තිබුණි.

නමුත් සියලු ප්‍රතිචාර යහපත් වූයේ නැත. මෙම ක්‍රියාව මිනිසුන්ගේ කෝපය ඇවිස්සීමට හෝ තරගය ප්‍රචාරය කර ගැනීමේ අරමුණින් කළ දෙයක් බවට සමහරුන්ගේ මතය විය.

මේ තොරතුරුද කියවන්න: