"ලොව හොඳම ගණිකාවෝ ඉන්නේ රුසියාවේ"

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලදිමීර් පූතින්

ඡායාරූප මූලාශ්‍රය, AP

පසුගිය සතියේ අප නොදැන සිටි කරුණු කිහිපයක් මේ.

1. ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි.

රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි.

එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූතින්, ඉන් අනතුරුව මෙසේද පැවසීය: "ඔහු සදාචාරයක් නැති කෙල්ලෝ බලන්න හොටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ඒ කෙල්ලෝ, ලෝකේ හොඳම කෙල්ලෝ කියල කිසිම සැකයක් නෑ."

නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා 123,000 ක්

2. වෙනිසියුලාවේ අයිෆෝනයක් ඩොලර් 98,000 ක්.

The Atlas සඟරාවේ දත්තවලට අනුව සිංගප්පූරුවේ අයිෆෝනයක සාමාන්‍ය මිල ඩොලර් 969 ක් වන අතර, බ්‍රසීලයේ එය ඩොලර් 843 ක් වන නමුත් වෙනිසියුලාවේ එය ඩොලර් ලක්ෂයකට ආසන්න වේ.

ඒ අනුව ලෝකයේ අයිෆෝනයක් ඉහලම මිලට අලෙවි වන්නේ වෙනිසියුලාවේය.

3. "කිඹුල් කඳුළු හෙලනවා" යන යෙදුම ලොව භාෂා 45 ක යෙදෙන බව ඔබ දැන සිටියාද?

අරාබි, ස්වාහිලි, පර්සියානු, ඉන්දීය භාෂා, චීන සහ මොන්ගෝලියානු මෙන්ම වෙනත් යුරෝපා භාශාවලද එවැනි යෙදුම් පවතී.

අයිෆෝනයක් ඉහලම මිලට අලෙවි වන්නේ වෙනිසියුලාවේ

ඡායාරූප මූලාශ්‍රය, PA

4. නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා 123,000 ක්.

ඒ අතරින් කැලිෆෝනියා සහ කොලරාඩෝ ප්‍රාන්තවල පූර්ණ රැකියා 53,000 ක් නිර්මාණය කර තිබෙන අතර, නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් 2020 වනවිට එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 23 ක ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය පවසයි.