රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි අපරාධ ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණය මූලික විමර්ශනයක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කරන ලද බව පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මූලික විමර්ශනයක් ආරම්භ කළේය.
දහස් ගණන් රෝගින්ග්‍යා ජනතාව ඝාතනයට ලක්වෙමින් සහ හත් ලක්ෂයකට ආසන්න පිරිසකට උන් හිටි තැන් අහිමි කරමින් දියත් කෙරුණු මියන්මාර හමුදා මෙහෙයුම ගැන පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට එමගින් අවස්ථාව උදාවීමට ඉඩ තිබේ.
මියන්මාර ආරක්ෂක හමුදාව රෝහින්ග්‍යා ජනතාව ඝාතනය කළ බවට සහ වධ බන්ධන පැනවූ බවට එල්ල වූ චෝදනා පදනම් විරහිත බව මීට ඉහතදී හමුදා පරීක්ෂණයක නිගමනය වූ නමුත් එය හමුදාවට "සුදු හුණු ගෑමේ උත්සාහයක්" ලෙසින් විග්‍රහ කරමින් මානව හිමිකම් සංවිධාන එම පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කළහ.
රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට මාරක ප්‍රහාර මාලාවක් එල්ලකිරීමෙන් අනතුරුව මියන්මාර හමුදාව රඛයින් ප්‍රාන්තයේ මෙහෙයුමක් දියත් කළහ.
ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා ජනතාව එවක් පටන් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙහෙයුම අතරවාරයේ රෝහින්ග්‍යා ජනතාව ඝාතනය කළ බවට, කාන්තාවන් දූෂණය කළ බවට සහ ඔවුන්ගේ ගම් බිම් ගිනිබත් කළ බවට හමුදාවට චෝදනා එල්ල වී තිබේ.
ඒ පිළිබඳ "පූර්ණ මූලික විමර්ශනයක් පැවැත්වීමට" තමන් තීරණය කළ බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක Fatou Bensouda අඟහරුවාදා නිවේදනය කළාය.
"මූලික හිමිකම් අහිමි කිරීම, ඝාතන, ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා, බලහත්කාර අතුරුදහන් කිරීම්, විනාශ කිරීම් සහ කොල්ලකෑම්," වැනි කරුණු සම්බන්ධයෙන් එම විමර්ශනය පවත්වන බව ද ඇය සඳහන් කළාය.
තවත් කියවන්න:
මියන්මාරය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්සන් තබා නැතත්, බංග්ලාදේශය එහි සාමාජිකයෙකු බැවින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහි අපරාධ ගැන පරීක්ෂා කිරීමට තමන්ට අධිකරණ බලයක් තිබෙන බව විනිසකරුවෝ තීන්දු කළහ.
අඟහරුවාදා වාර්තාවක් ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විමර්ශකයෝ, රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව මියන්මාර හමුදාව විසින් කරන ලද බවට චෝදනා කෙරෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන ඇතුළත් පිටු 444 ක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කළහ.
එහෙත් මර්සුකි දරුස්මාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමේ වාර්තාව "ඒකපාර්ශ්වික" බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති Kyaw Moe Tun එය දැඩි විවේචනයට ලක් කළේය.
රෝහින්ග්‍යා වැසියන්ගේ දුක්ගැනවිලි මොනවාද?
රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළකා ඇත.
ඔවුන් සිය රටේ ආරක්ෂාවට සහ බෞද්ධ අනන්‍යතාවට තර්ජනයක් බව මියන්මාර බලධාරීන්ගේ තර්කය වී තිබේ.
නමුත් රෝහින්ග්‍යා ප්‍රජාව පවසන්නේ පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බවය.
2012 වසරේ රඛයින් ප්‍රාන්තයේ හට ගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති.
මියන්මාරයේ දුගී ප්‍රාන්තවලින් එකක් වන රඛයින් ප්‍රාන්තයේ දිවි ගෙවන ඔවුහු රැකියා ලබා ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙති.
2016 වසරේ හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ද ආණ්ඩුවේ හමුදා විසින් ස්ත්‍රී දූෂණ, ඝාතන, ගම්මාන ගිනි තැබීම සහ වධහිංසා පමුණුවන ලද බවට රෝහින්ග්‍යා වැසියෝ චෝදනා කළහ.
මියන්මාර ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
තවත් වාර්තා:








