දකුණු කොරියාව: සැඟවූ කැමරා සොයා සෝල් නගරයේ වැසිකිලි පිරික්සයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
සඟවන ලද කැමරා සොයමින් නරය පුරා ඇති සියලු ප්‍රසිද්ධ වැසිකිලි දෛනිකව පරීක්ෂා කිරීමට දකුණු කොරියාවේ සෝල් නගරය පියවර ගෙන තිබේ.
වැසිකිලි තුළ මෙන්ම ඇඳුම් මාරු කරන කාමර තුළ කැමරා සඟවා තිබීම දකුණු කොරියාව තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. පසුගිය වසර තුළ එසේ "රහස්‍ය කැමරාගත අසභ්‍ය දර්ශන" පිළිබඳ සිදුවීම් 6,000 ක් වාර්තා වී තිබේ.
මීට හසුවන වින්දිතයින්ගේ කිසිදු දැනීමකින් තොරව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇත.
එවැනි රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී "මගේ ජීවිතය ඔබේ අසභ්‍ය චිත්‍රපටයක් නොවේ" යැයි සඳහන් වැකි ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළහ.
තමන්ගේ දැනීමකින් තොරව ඡායාරූපයට හෝ වීඩියෝ පටයකට ග්‍රහණය කරගනු ඇතැයි යන්න සම්බන්ධයෙන් කාන්තාවන් නිරන්තර බියකින් පසුවන බව ක්‍රියාකාරීහු පවසති.
මෙම වින්දිතයින්ගෙන් 80% ක් ම කාන්තාවෝ වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය පවසන පරිදි රහස්‍ය කැමරා සම්බන්ධයෙන් සෝල් නගරයේ ප්‍රසිද්ධ වැසිකිලි මසකට වරක් දැනට සෝදිසි කෙරේ.
එහෙත් දැන් ඒවා දෛනිකව පරීක්ෂා කිරීමට ඒවා නඩත්තු කරන කාර්ය මණ්ඩලවලට සිදුවී තිබේ.
විශේෂයෙන් ම වැසිකිලි තුළ සවි කරන එවැනි කැමරා විනාඩි 15 ක් තුළ යළි ඉවත් කරගන්නා බැවින්, මෙවැනි දේ සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම අසීරු වී ඇතැයි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බීබීසී වෙත මීට පෙර පවසා තිබීණි.
රහස්‍ය කැමරාවලට අදාළ අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේදී 5,400 ට අධික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් සිරගත කෙරුණේ 2% ට අඩු පිරිසකි.
සබැඳි පුවත්:










