ජනප්‍රිය බොලිවුඩ් නළු ශෂී කපූර් සමුගනියි

ශෂී කපූර්

ඡායාරූප මූලාශ්‍රය, BBC hindi

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් සහ නිෂ්පාදකවරයෙක් වූ ශෂී කපූර් දිවි සැරියෙන් සමුගත්තේය.

දශක ගණනාවක් හින්දි තිරයේ නම රැන්දූ කපූර් පරපුරේ සාමාජිකයෙකු වූ ශෂී කපූර් මිය යන විට 79 වෙනි විය පසුකරමින් සිටියේය.

රිදී තිරයේ පෑ දස්කම් වෙනුවෙන් ජාතික සම්මාන කිහිපයකින්ම පුද ලැබූ ඔහු 2011 දී පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

බ්‍රිතාන්‍ය නිළියක වූ ජෙනිෆර් කෙන්ඩල් ගේ ස්වාමි පුරුෂයා වූ ශෂී කපූර් ඇය සමග එක්ව 1978 දී මුම්බායේ ප්‍රිවිති රඟහල නිර්මාණය කළේය.

"දීවාර්" සහ "කබී කබී" වැනි හින්දි තිරයේ ඉතා ජනප්‍රිය සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වූ ඔහු ටික කලක් අසනීපව සිටියේය.

ඉන් අනතුරුව රෝහල්ගත කෙරුණු ඔහු අවසන් හුස්ම හෙළුවේ මුම්බායේ Kokilaben Dhirubhai Ambani රෝහලේදීය.

"ඔහුට අවුරුදු ගණනක ඉඳල වකුගඩු ආබාධයක් තිබුණා. ඒ නිසා අවුරුදු ගණනක් ඔහු රුධිර කාන්දුකරණයට ලක්වුනා," ඔහු මිය ගිය බව සනාථ කළ ශෂී කපූර්ගේ බෑණා වන රන්දීර් කපූර් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවයට පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඔහුගේ අවමගුල අඟහරුවාදා (දෙසැම්බර් 05) උදය වරුවේ පැවැත්වෙන බව ද රන්දීර් කපූර් පැවසීය.

ළමා වියේදීම රංගනයට අවතීර්ණ වී චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයක රඟ පා තිබෙන ශෂී කපූර්, ඔහු බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු චිත්‍රපට කිහිපයක ද රඟපෑමෙන් දස්කම් දක්වා තිබේ.

ඉන්දීය සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ඔහු 2015 දී Dada Saheb Phalke සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ යමෙකුට පිදෙන ඉහළම සම්මානය එයය.

විශේෂයෙන්ම කාන්තාවන් විශාල පිරිසක් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත සිනමාලෝලීන් ගේ ආදරයට ලක් වූ ඔහුගේ මරණය පිළිබඳව ලොව පුරා වෙසෙන සිනමාලෝලීහු ශෝකය සහ ගෞරවය පළකරමින් සිටිති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් මගින් ඔහුට සිය ගෞරවය පුද කර තිබුණි.