චීනයේ නාය යාම: පවුල් රැසක් තවමත් අතුරුදහන්

The aftermath of a landslide in the village of Xinmo in Maoxian county, China's Sichuan province, 25 June 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ දක්වා මළ සිරුරු 15 ක් සොයා ගෙන ඇති අතර තවත් ගණනාවක් සුන්බුන් අතර සිරව සිටින බවට බිය පළ වේ

චීනයේ සිච්වාන් පළාතේ ගම්මානයක් නාය යාමකට හසු වීමත් සමග සියයකට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති.

ගම්මානයේ නිවාස පස් යට වැළලී ගොස් ඇති අතර සෙනසුරාදා (ජුනි 24) අඹුසැමි යුවලක් සහ දරුවෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූහ.

කෙසේ නමුත් දිවි බේරා ගත් පුද්ගලයන් සෙවීමේ බලාපොරොත්තු බොඳව යමින් පවතී.

මේ දක්වා මළ සිරුරු 15 ක් සොයා ගෙන ඇති අතර තවත් ගණනාවක් සුන්බුන් අතර සිරව සිටින බවට බිය පළ වේ.

ෂින්මෝ ගම්මානයේ නිවාස 40 ක් පමණ නාය යාමට හසුව ඇති අතර බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා සහන සේවකයන් දහස් ගණනක් යොදවනු ලැබ තිබේ.

දෙවන දිනටත්

Women react at the site of a landslide in the village of Xinmo, Sichuan Province, China, 25 June 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Rescue workers and local residents pull on a rope to move a large boulder at the site of a landslide in Xinmo village, Maoxian county, Sichuan province, China, 24 June 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සහන සේවකයෝ දෙවන දිනටත් පස් සහ ගල් ඉවත් කිරීමේ උත්සාහයක නිරතව සිටිති.

පුද්ගලයන් 118 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.

ධාරානිපාත වැසි හමුවේ චීනයේ කඳුකර ප්‍රදේශවල නිතර නාය යාම් සිදු වේ.

2008 වසරේ දී සිච්වාන් පළාතේ ඇති වූ භූමිකම්පාවකට හසුව පුද්ගලයන් 87,000 ක් මරණයට පත් විය.

සංචාරකයන් රැගත් බස් රථයක් එම භූමිකම්පාව හේතුවෙන් සිදු වූ නාය යාමකට හසු වූ අතර ඉන් තිස් හත් දෙනෙකු මරණයට පත් විය.