චීනයේ නාය යෑමෙන් විපතට පත් අය සොයා මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, CCTV
නැගෙනහිර චීනයේ සේජියන් පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යාම් දෙකකට පසු අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු අතුරුදහන් වී ඇත.
සේජියන් පළාතේ සුකුන් ගමේ නිවෙස් කිහිපයක් යටවී යාමෙන් පුද්ගලයන් 26 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි රජයේ මාධ්‍ය වාර්තා කළේ.
ෂින්හුවා ප්‍රවෘත්ති ආයතනය පලකළ වීඩියෝවක දැක්වෙන්නේ කන්දක් මුදුනේ සිට පහලට ගොඩනැගිලි ඇතුළු සුන්බුන් තල්ලු වී යන ආකාරයයි.
එහිදී පුදගලයන් පහළොස් දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.
වෙන්චෙන් පළාතේ දී තවත් පුද්ගලයන් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි ෂින්හුවා පුවත්සේවය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP




