ලංඩන් බ්‍රිජ් ප්‍රහාරය : හයදෙනෙක් මරා දැමෙයි

මධ්‍යම ලන්ඩනයේදී වෑන් රියක් පදිකයින් වෙතට ධාවනය කිරීම මෙන්ම පිහිපහර එල්ල කිරීම යන සිදුවීම්වලදී එක් අයෙකුට වැඩි මරණ ගණනක් වාර්තාවන බව පොලිසිය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, PA

මධ්‍යම ලන්ඩනයේදී පදිකයන් යට කරමින් වෑන් රියක් ධාවනය කිරීමෙන් සහ පිහිපහර එල්ල කිරීමෙන් හයදෙනකු මරණයට පත්වූ අතර තවත් තිස් දෙනකුට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

වෑන් රිය පදිකයින් මතට ධාවනය කිරීම 'ලංඩන් බ්‍රිජ්'හි පාලම මතදී සිදුවූ අතර ඊට ආසන්න 'බොරෝ මාකට්' ප්‍රදේශයේදී පිහි පහර එල්ල කිරීමක් ද 'වොක්ෂෝල්' ප්‍රදේශයේදී තවත් සිදුවීමක් ද වාර්තා වූ අතර එම ස්ථාන වලට සිය නිලධාරීන් යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම ස්ථානය වෙතට පොලිසිය ළඟා වී ඇති අතර මතුවී ඇති තත්ත්වය මත ලන්ඩන් පාලම හරහා දෙපසට ගමනාගමනය අත්හිටුවා ඇති බව ලන්ඩන් ප්‍රවාහන බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, PA

මතුවී ඇති තත්ත්වය මත 'ලන්ඩන් බ්‍රිජ්' පාලම ඔස්සේ ගමනාගමනය අත්හිටුවා ඇති බව ලන්ඩන් ප්‍රවාහන බලධාරීහු පවසති.

එම ස්ථානය වෙතට පොලිසිය ළඟා වී ඇති අතර මතුවී ඇති තත්ත්වය මත ලන්ඩන් පාලම හරහා දෙපසට ගමනාගමනය අත්හිටුවා ඇති බව ලන්ඩන් ප්‍රවාහන බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, PA

පිරිමි අයෙකු විසින් පදවන ලද වෑන් රිය "බොහෝවිට පැයට සැතපුම් 50ක පමණ වේගයකින් ධාවනය වුණා" යැයි සිද්ධියවන අවස්ථාවේදී 'ලන්ඩන් බ්‍රිජ්' පාලම මත සිටි බීබීසී වාර්තාකරිනියකවන හෝලි ජෝන්ස් ප්‍රකාශ කළාය.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ, "වෑන් රිය මා වටින් කරකැවී ගොස් පස් දෙනෙකු හෝ හයදෙනෙකු හැප්පුවා. මගේ ඉස්සරහ දෙන්නෙක් හැප්පුනාට පස්සේ තවත් තුන් දෙනෙක් පසුපසදී හැප්පුනා." යනුවෙනි.

වෑන් රථය පදික වේදිකාව මතින් ගොස් මිනිසුන්ගේ ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කෙරෙන අතර ඉන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය කියා සිටියාය.

වෑන් රථය පදික වේදිකාව මතින් ගොස් මිනිසුන් මත ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කෙරෙන අතර ඉන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය කියා සිටියාය.

මධ්‍යම ලන්ඩනයේදී වෑන් රියක් පදිකයින් වෙතට ධාවනය කිරීම මෙන්ම පිහිපහර එල්ල කිරීම යන සිදුවීම්වලදී එක් අයෙකුට වැඩි මරණ ගණනක් වාර්තාවන බව පොලිසිය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සිදුවීමෙන් පසු කිසියම් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබා ඇති අයුරු තමා දුටු බවය.

වෑන් රථය පදික වේදිකාව මතින් ගොස් මිනිසුන්ගේ ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කෙරෙන අතර ඉන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය කියා සිටියාය.