'මැතීව්' චණ්ඩ මාරුතය හයිටි රාජ්‍යය කළඹයි

වීඩියෝ ශීර්ෂ වැකිය, අභ්‍යාවකාශයට මැතීව් චණ්ඩ මාරුතය දිස් වන අයුරු.....

මෑත වසර කිහිපය ඇතුළත අත්ලාන්තික් සාගරය හරහා හමා ගිය දරුණුම චණ්ඩ මාරුතයට හයිටි රාජ්‍ය මුහුණ දෙමින් සිටියි.

'මැතීව් චණ්ඩ මාරුතය' හේතුවෙන් පැයට කිලෝමීටර දෙසීයකට වැඩි වේගයක කුණාටු, ගිගුරුම් සහිත වැසි, හදිසි ගංවතුර සහ නාය යාම් වලට ලක් වී සිටින හයිටි රාජ්‍යයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු සහ වයස්ගත පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට වාර්තා ලැබී තිබේ.

චණ්ඩ මාරුතයෙන් සිය ජීවිත රැක ගැනීමට හැකි සියලුම පරිශ්‍රමයක් දරන මෙන් හයිටි බලධාරීන් වෙරළාසන්න ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට උපදෙස් ලබා දී ඇත.

A map showing Hurricane Arthur's path
Civil protection workers ask residents to evacuate their homes in Haiti

ඡායාරූප මූලාශ්‍රය, AP

හයිටි ජනාධිපතිවරයා (Jocelerme Privert) කියා සිටියේ චණ්ඩ මාරුතය තවමත් සිය රටට විශාල තර්ජනයක් එල්ල කරමින් හමා යමින් ඇති අතර මුහුදු ගොස් සිටි ජනතාව විශාල ප්‍රමාණයක් අතුරුදහන් බවට වාර්තා ලැබුණු බවයි.

'මැතීව් චණ්ඩ මාරුතය' හේතුවෙන් හයිටි රාජ්‍යයේ දකුණු සහ බටහිර පළාත් හදිසි ගංවතුර තත්වයන්ට සහ නාය යාම් වලට ලක් වීමේ අවදානමක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ චණ්ඩ මාරුත ඇගයීම් මධ්‍යස්ථානය බීබීසියට ප්‍රකාශ කළේ.

People stand on the coast watching the surf produced by Hurricane Matthew, on the outskirts of Kingston, Jamaica

ඡායාරූප මූලාශ්‍රය, AP