සංක්‍රමණිකයන් පන්සියයක් රැගත් යාත්‍රාවක් මුහුදුබත්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AP
සංක්‍රමණිකයන් රැගත් මුහුදු යාත්‍රාවක් බදාදා ඊජිප්තුවට නුදුරින් මුහුදේ ගිලීයාම හේතුවෙන් සිය ගණනක් පිරිස් දියේ ගිලීයන්නට ඇති බවට විශ්වාස කෙරෙයි.
දිවි බේරාගත්තවුන් පවසන්නේ යාත්‍රාව තුළ අනවසර සංක්‍රමණිකයන් පන්සීය පනහක් සිටි බවයි.
රෝසේටා වරායෙන් ඉතාලිය බලා යාත්‍රාව පිටත්වීමට සුදානම් වෙද්දී ඔරොත්තු නොදෙන අන්දමේ සංඛ්‍යාවක පිරිසක් තෙරපෙමින් යාත්‍රාව තුළට ඇදී ආ බවයි ඔවුන් පවසන්නේ.
මෙයින් බොහෝ පිරිසක් ඊජිප්තු ජාතිකයන් වන අතර සෙසු පිරිස අතර නැගෙනහිර අප්‍රිකාවෙන් සහ ඉතියෝපියාව සහ සොමාලියාවද ඇතුළත් උතුරු අප්‍රිකාවේ නැගෙනහිර අර්ධද්වීපය දෙසින් පැමිණි පිරිස් බවටයි සැලකෙන්නේ.
ඊජිප්තු බලධාරීන් පවසන්නේ මධ්‍යධරනී මුහුදෙන් මළසිරුරු හතලිස් දෙකක් සොයාගත් අතර පුද්ගලයන් එකසිය හැට දෙනෙකුගේ ජීවිත බේරා ගත් බවයි.
ජීවිතාරක්ෂක කබායක් ලබාගැනීමට නම් අමතර මුදලක් ගෙවිය යුතුවූ බවයි මුහුදෙන් ගොඩට ගත් එක් සංක්‍රමනිකයෙක් බීබීසීයට පැවසුවේ




