ලිබියාවට නුදුරු මුහුදෙන් සංක්‍රමණිකයන් දහස් ගණනක් මුදා ගැනෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, Charity worker Laura Lanuza said many people threw themselves into the water to reach the rescue boats

ලිබියාවට නුදුරු මුහුදේ දී හයදහස් පන්සීයකට අධික සංක්‍රමණිකයන් පිරිසක් මෙහෙයුම් හතළිහක දී මුදා ගත් බව ඉතාලි වෙරළාරක්ෂක කාණ්ඩයම පවසයි.

මේ දක්වා මුහුදු යාත්‍රාවලින් පැමිණෙමින් සිටිය දී මුදා ගෙන ඇති වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෙය බවයි පැවසෙන්නේ.

එරීට්‍රියාවේ හා සෝමාලියාවේ සිට පැමිණෙමින් සිටි සංක්‍රමණිකයන් ලිබියාවේ සබ්‍රාතා නගරයට කිලෝමීටර විස්සක් ඈතින් මුහුදේ දී කරන ලද සමූහ මෙහෙයුම් හතළිහක දී මෙම මුදා ගැනීම සිදු කළ බවයි ඉතාලි වෙරළාරක්ෂක කණ්ඩායම ප්‍රකාශ කළේ.

A man carries his five days old son after been rescued

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් සංක්‍රමණිකයෙක් දින පහක වයසැති සිය බිලිඳා රැගෙන ආරක්ෂක බෝට්ටුව වෙත යන අයුරු

බේරාගැනීමේ යාත්‍රා දැකීමෙන් උද්දාමයට පත් ඇතැම් සංක්‍රමණිකයන් ආරක්ෂක යාත්‍රා වෙත පිහිනා පැමිණි අතර කුඩා බිලිඳුන් රැගත් පිරිස් ද ඒ අතර වු බවයි වීඩියෝ දර්ශන මගින් පෙනී යන්නේ.

ඉරිදා මෙම ප්‍රදේශයේ දීම අනවසර සංක්‍රමණිකයන් එක්දහස් එකසීයක් බේරා ගැනුණි.

පවතින දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් ලිබියාව මිනිස් ජාවාරමේ මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.

Italian officers rescue a woman from a crowded wooden boat

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ සංක්‍රමණිකයන් දුප්පත්කම සහ යුද්ධය හේතුවෙන් යුරෝපයට පැමිණෙති

සඳුදා බේරා ගැනුණු මෙම පිරිස රැගත් බෝට්ටු ඉන්ධන අවසන් වීම හේතුවෙන් ආධාර කණ්ඩායම පැමිණෙන තෙක් මුහුද මැද අතරමංවී සිටි බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමට ඉතාලියේ සහ යුරෝපා සංගමයට අයත් ආධාර කණ්ඩායම් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් යාත්‍රා ද එක්වී තිබුණි.

පසුගිය වසරේ ලක්ෂ දහයකට අධික සංක්‍රමණිකයන් පිරිසක් සිරියාවේ සිට යුරෝපය වෙත පැමිණි බවයි වාර්තා වූයේ.

A refugee from Eritrea sleeps on the Astral vessel

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංක්‍රමණිකයන් ගෙන් වැඩි දෙනෙක් එරීට්‍රියාවේ හා සෝමාලියාවේ සිට පැමිණෙමින් සිටි බවයි පැවසෙන්නේ