චීන බලු මස් සැණකෙළිය ආරම්භ වේ

Dogs are seen in cages for sale at a market ahead of a dog meat festival in Yulin in south China"s Guangxi Zhuang Autonomous Region, Monday, June 20, 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බලු මස් ආහාරයට ගැනීමෙන් ග්‍රීෂ්ම මාසවල පවතින උෂ්ණත්වයෙන් ගැලවී සිටීමට හැකි වනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති

දේශීය සහ ජාත්‍යන්තර විරෝධතා මැද දකුණු දිග චීනයේ වාර්ෂික බලු මස් සැණකෙළිය ආරම්භ වී තිබේ.

යුලින් පළාතේ පැවැත්වෙන මතභේදයට තුඩු දී තිබෙන ඉහත කී සැණකෙළිය දින දහයක් පුරා පැවැත්වේ.

එහිදී සුනඛයන් සහ පූසන් දස දහසක් පමණ ආහාර පිණිස මරා දැමීමට නියමිතයි.

බලු මස් සැණකෙළියට එරෙහිව නැගී සිටින සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, සැණකෙළිය තහනම් කරන ලෙස ඉල්ලා අත්සන් මිලියන එකොළහකින් යුත් පෙත්සමක් බලධාරීන් වෙත භාර දී තිබේ.

සැණකෙළිය සඳහා නිල වශයෙන් සහාය ලබා නොදෙන බවයි ප්‍රාදේශීය බලධාරීහු කියා සිටිති.

පෞද්ගලික ව්‍යාපාරවල ප්‍රධානත්වයෙන් සැණකෙළිය පැවැත්වෙන බවයි බලධාරීන් පවසන්නේ.

A vendor waits for buyers beside dogs for sale at a market in Yulin city, southern China"s Guangxi province, 20 June 2016.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සැතපුම් දහසක් පමණ දුරින් පිහිටි ප්‍රදේශ තුළ සිට ඇතැම් සුනඛයන් ප්‍රවාහනය කෙරේ

චීනය, දකුණු කොරියාව ඇතුළු වෙනත් රටවල බලු මස් ආහාරයට ගැනීමේ සම්ප්‍රදාය වසර පන්සීයක් පමණ ඈතට දිව යන්නක්.

බලු මස් ආහාරයට ගැනීමෙන් ග්‍රීෂ්ම මාසවල පවතින උෂ්ණත්වයෙන් ගැලවී සිටීමට හැකි වනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

සනීපාරක්ෂක නොවන තත්වයන් යටතේ ප්‍රවාහනය කරන මරා දැමීමට නියමිත සුනඛයන්ට ආහාර සහ ජලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් පහසුවෙන් රෝග පැතිර යා හැකි බවත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසති.

People eating dog meat at a restaurant in Yulin, in China's southern Guangxi region (9 May 2016)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙනත් ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිස් බලු මස් සැණකෙළිය සඳහා සහභාගී වීමට යුලින් බලා පැමිණෙති