එක්වදෝර් භූමිකම්පාව: මරණ සංඛ්‍යාව 350 දක්වා ඉහළට

වීඩියෝ ශීර්ෂ වැකිය, A man was killed when his car was crushed beneath a collapsed bridge in Guayaquil

එක්වදෝරයේ හට ගත් ප්‍රබල භූමිකම්පාවට හසු වී මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 350 දක්වා ඉහළ ගොස් තිබේ.

දශක ගණනාවකට පසු එක්වදෝරය මුහුණ දුන් දරුණුතම භූමිකම්පාව මෙය වන අතර ඊට ගොදුරු වී තුවාල ලත් පිරිස 1500 ඉක්මවති.

භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ප්‍රදේශ වෙත හමුදා භටයන් 10,000 සහ පොලිස් නිලධාරීන් 3,500 ක් පිටත් කොට හැර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඉරිදා ඇති වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ 7.8 ක් ලෙසයි.

එක්වදෝරය
ඡායාරූප ශීර්ෂ වැකිය, භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂය වයඹ දිග එක්වදෝරයේ පිහිටි මුයිස්න් නගරය ආසන්නයේ පිහිටා ඇත

භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂය වයඹ දිග එක්වදෝරයේ පිහිටි මුයිස්න් නගරය ආසන්නයේ පිහිටා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු කියා සිටිති.

සිය ඉතාලි සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරෙයා රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කළේය.

දිවි බේරා ගත් පිරිස් සෙවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි ජනපතිවරයා කියා සිටියේ.

'සියලු දේ යළි ගොඩනැගිය හැකියි. නමුත් මෙහි ඇති වඩාත්ම වේදනාකාරී තත්වය නම් මිනිස් ජීවිත යළි ගොඩ ගත නොහැකි වීමයි' ඔහු පැවසීය.

එක්වදෝරය

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සහන සේවා ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බිය පළ වේ
එක්වදෝරය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භූමිකම්පාවට හසු වූ ඇතැම් ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ
එක්වදෝරය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් ගොඩනැගිලිවලට දැඩි හානි සිදු වී ඇත
එක්වදෝරය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් සහ හමුදා භටයන් සහන සේවා සඳහා යොදවා තිබේ

විපතට පත් ප්‍රදේශ වෙත ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටත් කොට යවා ඇති අතර වෙනිසියුලාව සහ මෙක්සිකෝව ඇතුළු අනෙකුත් රටවල් ආධාර ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

එක්වදෝරය වෙත පුහුණු සුනඛයන් රැගත් සහන කණ්ඩායම් පිටත් කොට ඇති බව කොලොම්බියාව නිවේදනය කළේය.