මරාගෙන මැරෙන ප්‍රහාරවලට 'ළමුන් යොදා ගැනීම දස ගුණයකින් ඉහළට'

ඡායාරූප මූලාශ්‍රය, AFP
නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය කැරලිකරුවන් විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වශයෙන් ළමුන් යොදා ගැනීම ගෙවුණු වසර තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
2015 වසරේදී නයිජීරියාව, කැමරූන් සහ චැඩ් යන රාජ්‍යයන් තුළ සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සඳහා ළමුන් හතළිස් හතර දෙනකු යොදා ගෙන ඇති බවයි යුනිසෙෆ් ආයතනය කියා සිටියේ.
යුනිසෙෆ් ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2014 වසරේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා යොදා ගෙන ඇති ළමුන් සංඛ්‍යාව හතරක්.
සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයකු බාල වයස්කරුවකු වන බවත් වාර්තාවේ සඳහන්.
ඉහත කී දරුවන් අතුරින් හතරෙන් තුනක් ගැහැණු දරුවන් වන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
මත් ද්‍රව්‍ය ලබා දී බෝම්බ ශරීරයට බැඳ තබා ප්‍රහාර සිදු කිරීමට ගැහැණු දරුවන්ට බල කෙරෙන බවත් යුනිසෙෆ් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.




