ජාතික ගීය දෙමළෙන් ගැයීමේ වරදක් නෑ: බෙල්ලන්විල නාහිමි

දෙමළ ජනතාව ජාතික ගීය දෙමළෙන් ගැයීම ඇතැමුන්ගේ ප්‍රබල විවේචනයට ලක් වී තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමළ ජනතාව ජාතික ගීය දෙමළෙන් ගැයීම ඇතැමුන්ගේ ප්‍රබල විවේචනයට ලක් වී තිබුණි
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය

ශ්‍රී ලංකා ජාතික ගීය නිසි තනුවට අනුකූලව දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිදු වරදක් නොදකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය <link type="page"><caption> බෙල්ලන්විල විමලරතන</caption><url href="https://audioboom.com/boos/4048031" platform="highweb"/></link> නායක හිමියෝ පවසති.

නායක හිමියන් ඒ බව කියා සිටියේ, නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාලව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද පහළොස් වැදෑරුම් ඉල්ලීම් මාලාව පිළිබඳව බීබීසී සංදේශය වෙත අදහස් දක්වමින්.

"ජාතික ගීය කියන්නේ එකයිනේ? ඒක වෙනස් කරන්නේ නෑ. නමුත් ඒ තනුවම දෙමළ ජාතිකයන්ට තමන්ගේ භාෂාවෙන් කියන්න අවසර දුන්නයි කියල බරපතල ලෙස විරුද්ධ වෙන්න දෙයක් නෑ," එහිමියෝ සඳහන් කළහ.

බුදු දහම ආරක්ෂා කිරීම

බුදු දහම ආරක්ෂා කොට, පෝෂණය කරන බවට වත්මන් ව්‍යවස්ථාවේ නම වැනි වගන්තියෙන් ලබා දී තිබෙන ආරක්ෂාව නව ව්‍යවස්ථාව මගින්ද සහතික කිරීම <link type="page"><caption> බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය</caption><url href="https://audioboom.com/boos/4048031" platform="highweb"/></link> විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති ලිපියේ ප්‍රධානම ඉල්ලීමයි.

'ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, YouTube.com

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ'

රාජ්‍ය බුදු දහම රැකගනිමින් පෝෂණය කළ යුතු බවට වගන්තියක් මුලින්ම ඇතුලත් කෙරුණේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් සම්පාදනය කරන ලද 1972 ජනරජ ව්‍යවස්ථාවටයි.

එම වගන්තිය මගින් තමන් නොලකා හැර ඇතැයි රටේ වෙසෙන සුළු වාර්ගික, සුළු ආගමික ජනකොටස්වලට හැඟී යන්නට ඉඩ තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ මාහාචාර්ය විමලරත්න හිමියන් සඳහන් කළේ, කිසියම් රටක ප්‍රධානම ආගම රැකගැනීමට රාජ්‍යය බැදී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ පමණක් පවතින සම්ප්‍රදායයක් නොවන බවයි.

"ඉතින් මේක තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව. ඒ ආගම්වල සියලු කටයුතුන් ඒ ආකාරයෙන් කෙරෙනවා කිසිම බාධාවක් නැහැ," <link type="page"><caption> එහිමියෝ පැවසූහ</caption><url href="https://audioboom.com/boos/4048031" platform="highweb"/></link>.

හයිබ්‍රිඩ් අධිකරණය

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත්විය යුතුය යන්න 'එක්තරා විදියකින් අන්තවාදී ලෙස බලන අය' ඉදිරිපත් කරණ මතයක් බව පවසන එහිමියෝ ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍යයක් බිහිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරති.

ශ්‍රී ලංකාව දිගටම ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ නායකයන් පිරිසකගේ අත්සනින් යුතුව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන ලිපියේ අඩංගු තවත් යෝජනාවක්.

'ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ'

"ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ." (<link type="page"><caption> මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/4048031" platform="highweb"/></link>)

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමට විදේශීය රටවලට හෝ ආයතනවලට අවසර නොදිය යුතු බවටද බෞද්ධ නායකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර <link type="page"><caption> හයිබ්‍රිඩ් අධිකරණයක්</caption><url href="https://audioboom.com/boos/4048031" platform="highweb"/></link> පිහිටුවීමට විරුද්ධ බව එහි අදහස දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් මහාචාර්ය විමලරත්න නාහිමියන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ස්වාධීන දේශීය අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවයි.

ද්විත්ව පුරවැසියෝ

"ඒක බටහිර අයට ඕන හැටියට ලංකාවේ අධිකරණ හදන්න බැහැනේ? නමුත් ඔය රෝමන්, ලන්දේසි නීතිය නෞසාරයෙන් තමයි අද බොහෝ රටවල නීතිය හදල තියෙන්නේ," එහිමියෝ පැවසූහ.

"ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ."

බුදු දහම ආරකෂා කිරීමේ වගන්තිය 'තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බුදු දහම ආරකෂා කිරීමේ වගන්තිය 'තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව'

ජාතික ධජය වෙනස් නොකිරීම, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම, ජාතිය හෝ ආගම මත පදනම්ව පළාත් නොබෙදීම ඇතුළු ප්‍රධාන කරුණු 15 ක් බෞද්ධ නායකයන්ගේ එම ලිපියට ඇතුලත්.

වෙනත් රටවල පුරවැසිභාවය හිමි කිසිවෙකුටත් ජනපති, මැති, ඇමති තනතුරු හෝ රාජ්‍යයේ ඉහල නිලතල දැරීමේ අවස්තාව ලබා නොදිය යුතු බවත් බෞද්ධ නායකයෝ අවධාරණය කරති.

"ඒක ඇත්තනේ? රටවල් දෙකක කකුල් දෙක තියාගෙන වැඩකරන්න බෑනේ? නමුත් පහුගිය කාලේ එහෙම දේවල් කෙරුනා. එයාට ඕන වෙලාවක වරදක් කරලා මේ රටෙන් අනෙක් පුරවැසිභාවය ලබාගෙන ඉන්න රටට පැනල යන්න පුලුවන්."

එබැවින් ද්විත්ව පුරවැසියන්ට ඉහල තනතුරු දැරීමේ අවස්තාව අහිමි කරන මෙන් ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් නොවන බවයි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.