ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ - අධිකරණ ඇමති

"ඒ හැමෝම එක්කෝ මිනිස්සු මරලා, එක්කෝ පුපුරණ ද්‍රව්‍යත් එක්ක අහුවෙලා රටේ සාමාන්‍ය නීතිය යටතේ කුමන හෝ අපරාධයක් කරපු කෙනෙක්"
ඡායාරූප ශීර්ෂ වැකිය, "ඒ හැමෝම එක්කෝ මිනිස්සු මරලා, එක්කෝ පුපුරණ ද්‍රව්‍යත් එක්ක අහුවෙලා රටේ සාමාන්‍ය නීතිය යටතේ කුමන හෝ අපරාධයක් කරපු කෙනෙක්"

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවෙකුත් නැත යන්න සිය ආණ්ඩුවේ ස්ථාවරය බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

"අපේ රටේ හිටපු අවසාන දේශපාලන සිරකරුවා තමයි සරත් ෆොන්සේකා. එයාගෙන් පස්සේ නෑ වෙන කවුරුවත්," අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී.

කෙසේ නමුත් දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් තවමත් රැඳවුම් භාරයේ සිටින බවට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ : "අපේ රැඳවුම් භාරයේ නම් නෑ," යන්නයි.

යුද ගැටුම් සමයේ අත්අඩංගුවට ගැනුණු සිරකරුවන් කිසිවකුත් දේශපාලන සිරකරුවන් නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

'එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි' - සරත් ෆොන්සේකා
ඡායාරූප ශීර්ෂ වැකිය, 'එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි' - සරත් ෆොන්සේකා

"ඒ හැමෝම එක්කෝ මිනිස්සු මරලා, එක්කෝ තුවාල කරලා, එක්කෝ පුපුරණ ද්‍රව්‍යත් එක්ක අහුවෙලා රටේ සාමාන්‍ය නීතිය යටතේ කුමන හෝ අපරාධයක් කරපු කෙනෙක්," ඔහු පැවසීය.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනුණු එල් ටී ටී ඊ සැකකරුවන්ද දේශපාලන සිරකරුවන් බව <link type="page"><caption> ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/05/120527_fonseka_ltte" platform="highweb"/></link> මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අත්අඩංගුවට ගැනුණු දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන මනෝ ගනේෂන් ඇතුළු දේශපාලන නායකයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාධරයෝද කලක් මුළුල්ලේම උද්ඝෝෂණවල නිරතව සිටිති.

කොළඹ නව මැගසින් බන්ධනාගාරය සහ බූස්ස කඳවුරු ඇතුළු ස්ථාන කීපයක <link type="page"><caption> දේශපාලන සිරකරුවන් තුන්සියයකට ආසන්න පිරිසක්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150619_ug_ajithkumara_prison" platform="highweb"/></link> තවමත් රඳවා තබා ඇති බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පසුගියදා චෝදනා කළේය.