මහින්ද 'අනිවාර්යයෙන් අගමැති අපේක්ෂකයා'

ඡායාරූප මූලාශ්‍රය, Kumara Welgama
එළඹෙන මහ මැතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වශයෙන් අනිවාර්යයෙන්ම තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය පවසයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා මේ වන විට සුදානම් වී සිටින බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.
"දැන් මේ මැතිවරණයේදී මිනිස්සු ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිසක් පක්ෂයක්වත් ලකුණක්වත් නොවෙයි," හිටපු අමාත්‍යවරයා පැවසීය.
මහ මැතිවරණය සඳහා කුමන පක්ෂයකින් තරඟ කරන්නේද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා වන විට තීරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
'හංසයා ලකුණින්'
"දැන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා තරඟ කරන කොට එතුමා තරඟ කරන්නේ මොන පක්ෂයෙන්ද කියලා කවුරුත් ඇහුවේ නැහැනේ. එතුමා තරඟ කරන පක්ෂේ මොකක්ද කියලා කවුරුත් දන්නෙත් නැහැ," ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ නොකළ එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා තරඟ කළේ හංසයා ලකුණින් බව පවසන හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව ඡන්දය ලබා දෙන්නේ පක්ෂයට නොව පුද්ගලයාට බවයි.
දැනට විදේශගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා ලබන අඟහරුවාදා යළි සියරට පැමිණි පසුව හිටපු ජනාධිපතිවරයා තරඟ කරන පක්ෂය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹෙනු ඇති බවත් කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබුනත්, නොලැබුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම තරඟ කරන බවයි මේ අතර හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක <link type="page"><caption> රොහාන් වැලිවිට</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150603_mahinda_election_weliwita.shtml" platform="highweb"/></link> මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.








