මහින්ද නිසැකවම අගමැති කරනවා - විමල්

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එළඹෙන මහ මැතිවරණයට තරඟ කළ හැකි බව පවසමින් 'ජනතාව මුලා නොකොට' හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කොට ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීමද භාර දිය යුතු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ඔහු ඒ බව කියා සිටියේ හිටපු ජනපතිවරයාට සන්ධානයෙන් තරඟ වැදීමට කිසිදු බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු අගමැති අපේක්ෂක ලෙසින් නම්කරන මෙන් ඉල්ලන රැළි මාලාව සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එහි ලේකම් <link type="page"><caption> සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150412_mahinda_pm_rallies" platform="highweb"/></link> බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
"මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කට්ටියට දිනාගන්න නොමිලේම කඩේ ගෙනියන්න මේ හදන්නේ. ඒ නොමිලේම කඩේ ගෙනියන උපායවලට අපි ගොදුරු වෙන්නේ නෑ," යන්නයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාගේ ප්‍රකාශයට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ.
'දෙකක් නෑ'
"ඒ නිසා කෙලින් කියන්න ඕන එකක් අපේක්ෂකත්වය විතරක් නෙවෙයි ඒ අපේක්ෂකයාව අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරනවද? මීට කලින් කෙරිල නෑ කියල දැන් කරන්න බැරි කමක් නෑනේ?"
එසේ නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා බවට පත්කිරීමේ 'මහජනයා පෙළගැස්වීමේ ක්‍රියාදාමය' දිගටම දියත් කරන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා අවධාරණය කරන්නේ.
"ඒ ගෙන එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියමිත ආකාරයට කැමති නම් අපි ඒකට ලෑස්තියි. එහෙම නැත්නම් අපි වෙනත් ආකාරයකට ගේනවා," ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා බවට පමණක් නොව මීළඟ අගමැතිවරයා බවට පත්කරන බවද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.
"ඒකෙ දෙකක් නෑ."
මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කරගන්නා නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය පිළිගන්නේ දැයි විමසූ අවස්ථාවේ වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ :"මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේ පාලනයක්ද දැන් තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ ගේ පාලනයක්ද මුලින් මට ඒ ප්‍රහේලිකාව විසඳලා දෙන්නකෝ" යනුවෙන්.








