හෙලිකොප්ටර් යානා: 'මුදල් ගෙවීම සන්ධානයේ වගකීමක්'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වගකීම බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.
හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදීම පිණිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොදා ගැනුන හෙලිකොප්ටර් චාරිකා 23 ක් සහ විමල් වීරවංශ ඇතුළු හිටපු අමාත්‍යවරුන්ගේ චාරිකා ගණනාවක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන බව <link type="page"><caption> ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150413_mahinda_campaign_helicopters" platform="highweb"/></link> බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය.
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් තමන්ද හෙලිකොප්ටර් යානාවලින් ගමන් කළ බව පිළිගන්නා විමල් වීරවංශ මන්ත්‍රීවරයා, ඒ වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එම චාරිකා සංවිධානය කළ සන්ධාන නායකයන් බව සංදේශයට පැවසීය.
'සභාපති වත්මන් ජනාධිපති'
"ඒ බිල්පත් වුනත් සකස් කරලා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින්. ඒකට පුද්ගලිකව අපිට වගකියන්න බෑ," ඔහු සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඉතින් ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්තමාන සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ වගේම මහලේකම්තුමා ඇතුළු ඒ අය, තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙච්ච වියදම් වෙනුවෙන් ගුවන් හමුදාවට ඒ අදාළ ගෙවීම් කළ යුතුව තිබෙනවා."
බැසිල් රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරුන් මෙන්ම හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ භාවිත කළ හෙලිකොප්ටර් යානා වෙනුවෙන් තවමත් මුදල් ගෙවා නැති බවයි <link type="page"><caption> සන්ඩේ ටයිම්ස් පුවත්පත</caption><url href="http://www.sundaytimes.lk/150412/columns/144396-144396.html" platform="highweb"/></link> වාර්තාකොට තිබුණේ.
එම වාර්තාව සත්‍ය බව බීබීසී සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආරක්ෂක අමාත්‍යංශයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක්, ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන එම මුදල් ගෙවන මෙන් අදාළ පුද්ගලයන්ට ඉතා ඉක්මනින්ම දැනුම්දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
සිය අපේක්ෂකයා සමඟ 'ආරෝවක් තිබුණු පමණින්' මැතිවරණයට අදාළ ගෙවීම පැහැර හැරීම 'සදාචාරාත්මක නොවන' බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ අතර පවසන්නේ.
ජනපති පදවිය දරමින් තරඟ වැදුණු අපේක්ෂකයා වෙනුවෙන් හෙලිකොප්ටර් යානා විශාල ප්‍රමාණයක් ලබා දෙන අතරවාරයේ, සිය ප්‍රධාන ප්‍රතිවාදියාට එතරම් අවස්ථා ලබා නොදීම කෙතරම් සාධාරණ දැයි සංදේශය විමසූ අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ 'හෙලිකොප්ටර් නෙවෙයි ගුවන් යානා වුනත් ගැනීමට තරම්' මූල්‍ය ආධාර 'විදේශ බලවේගවලින්' පොදු අපේක්ෂක මෛත්‍රීපාලට ලැබී තිබුණු බවයි.
කෙසේ නමුත් මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ විදේශීය ප්‍රතිචාරය මත පදනම්ව එවැනි චෝදනාවක් කළත් එය සනාථ කිරීමට තමන් සතුව සාක්ෂි නොමැති බව මන්ත්‍රීවරයා පිළිගත්තේය.
මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.