බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ශ්‍රී ලංකා පිළිවෙතට විරෝධය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කල අකාරය විවේචනයට ලක් කොට ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එකඟ වීමට පෙර බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ ව දැඩිව සොයා බැලිය යුතුව තිබුණු බව වාර්තාවෙන් පෙන්වා දී ඇත.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව පැවැත්වීම පිළිබඳව 2009 වසරේ දී විරෝධය පල කොට සිටියත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දියාරු පිළිවෙතක් අනුගමනය කල බවයි වාර්තාවේ සඳහන් වෙන්නේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තම මානව හිමිකම් වාර්තාව වැඩි දියුණු කිරීමට අදාළ කොන්දේසි පැනවිය යුතුව තිබුණු බව වාර්තාව සම්පාදනය කල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විදේශ අමාත්‍යංශ කමිටුවේ සභාපති රිචර්ඩ් ඔටාවේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.




