ගාලුමුවදොර අරගලකරුවන්ට මොකද වෙන්නේ?

ගාලුමුවදොර පිටිය අසළ තිබෙන උද්ඝෝෂණ ස්ථානය නමින් නම් කොට ඇති ස්ථානයේ නාම පුවරුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාලුමුවදොර පිටිය අසළ තිබෙන උද්ඝෝෂණ ස්ථානය නමින් නම් කොට ඇති ස්ථානයේ නාම පුවරුව

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව අගෝස්තු 10 වැනිදා දක්වා ගාලු මුවදොර 'ගෝඨාගෝගම' අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අගෝස්තු 05 වන දින ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ, අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අගෝස්තු 5 වනදින පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පෙත්සම් සලකා බලනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදිය.

අරගලයේ නියුතු පූජ්‍ය මිරහවත්තේ කාශ්‍යප හිමි, ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න සහ ලහිරු ඇන්ටන් මධුෂාන් ප්‍රනාන්දු යන අය විසින් එම පෙත්සම් ගොනුකර තිබේ.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අභියාචනාධිකරණයට දන්වනු ලැබුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව අධිකරණය සඳහන් කළේය.

අදාළ ප්‍රදේශයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය විසින් දන්වනු ලැබීය.

නිසි සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය හමුවේ මෙම ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරුණි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අභියාචනාධිකරණයට දන්වනු ලැබීය.

ගාලුමුවදොර විරෝධතා භුමියේ ව්රෝධතාක්රුවන්ට රැඳී සිටීම සඳහා ඔවුන් විසින් ඉදිකොට තිබෙන තාවකාලික කඳවුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාලුමුවදොර විරෝධතා භුමියේ ව්රෝධතාකරුවන් ඉදිකොට තිබෙන තාවකාලික කඳවුරු

කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර අනුගමනය කිරීමට එම ප්‍රතිඥාව වගඋත්තරකරුවන්ට බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය සදහන් කළේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා තමා මූලික විරෝධතා මතු කරන බවයි.

පෙත්සම් තුලින් පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ රැස්වීමේ මූලික අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ රිට් පෙත්සම් බව සදහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් තර්ක කරනු ලැබීය.

පෙත්සම්කරුවන් රැදී සිටින භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන අතර ඔවුන් විසින් පවත්වාගෙන යන අනවසර ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරි පනතට පටහැනි බවත් ඔහු පෙන්වා දුන්නේය.

අරගලකරුවන් විසින් ගාලු මුවදොර විරෝධතා භුමියේ භෝග වගා කොට ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අරගලකරුවන් විසින් ගාලු මුවදොර විරෝධතා භුමියේ භෝග වගා කොට ඇති අයුරු

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අප්‍රේල් මස 09 වනදා සිට මෙම අරගල භූමිය ක්‍රියාත්මක වූ බවත් එය සාමකාමී විරෝධතාවයක් ලෙස පොලිසිය මෙන්ම නීතිපතිවරයා ද පිළිගෙන තිබූ බව සඳහන් කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අරගල භූමියේ කටයුතු සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධනගේ නායකත්වයෙන් කමිටුවක් පත් කළ බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සිහිපත් කරනු ලැබීය.

තවද පසුගිය මාස 04 ක කාලසීමාව තුළ පෙත්සම්කරුවන්ගේ අරගල කටයුතුවලට පොලිසිය විසින් පූර්ණ සහාය ලබා දුන් බව පවසා සිටි ජනාධිපති නීතීඥවරයා අරගල භූමියේ ඇති ඉදිකිරීම් හදිසියේ නීති විරෝධී තත්ත්වයට පත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කර කර සිටියේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ අධිකරණ නියෝගයකින් තොරව හදිසියේ අදාළ ප්‍රදේශයේ රැඳී සිටින පුද්ගලයින් හා තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පොලිසිය ගැනීමට නියමිත පියවර නීතියට පටහැනි බවයි.

මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා මහතා ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රශ්න ගත භූමියේ සිටින පිරිස් ඉවත් කිරීමට පොලිසියට ඇති බලය කුමක්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ මහජන සාමය කඩවීමේ හෝ මහජන පීඩාවක් සිදු වන අවස්ථාවක ඊට මැදිහත් වීමට පොලිසියට බලය ඇති බව පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ පොලිසිය පෙත්සම්කරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට දරන උත්සාහය අනුමත නොකරන බව යි.

කෙසේ වෙතත් අගෝස්තු 4 වන දින මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්ත්සම් ගොනු කොට තිබු අසංක අබේරත්න ඇතුලු අරගලකරුවන් පිරිසක් තමන් කිසිසේත් මෙම භූමියෙන් ඉවත් යෑමට අදහස් නොකරන බව පවසා සිටියේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අපි හෙට යන්නේ නෑ...පොලිස් නියෝගයට අපි යටත් වෙන්නේ නෑ.''

මේ අතර ගාලු මුවදොර ප්‍රදේශයේ අනවසරයෙන් රැදී සිටින පිරිස් වලට අගෝස්තු 5 වන දින පස්වරු 5.00 ට පෙර ඉවත් වන ලෙස කොටුව පොලීසිය විසින් කළ නිවේදනය අනුව ඊයේ සහ අද දිනද අරගලකරුවන් විසින් එම ප්‍රදේශයේ කූඩාරම් සහ තාවකාලික ඉදිකිරීම් ක්‍රමිකව ඉවත් කරගනිමින් සිටියි.

අරගලකරුවන් විසින් ගාලු මුවදොර අරගල භුමිය තුළ පුස්තකාලයක්, මහජන සරසවියක්, මුළුතැන්ගෙයක් ඇතුලු බොහෝ පොදු අවකාශ නිර්මාණය කොට ඇති අතර ඔවුන් විසින් සපයාගෙන ඇති සනීපාරක්ෂක පහසුකම්ද සහිතව දින 100 කට අධික කාලයක් නේවාසික කුඩාරම් වල එම ස්ථානයෙන් මේ වන තෙක් රැඳී සිටියි.