අන්තරේ වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනෙක් පැය 72ක් රඳවා තබා විමර්ශන

Civil activists protests during protest against early morning military attack in Gota Go Gama near in Colombo, Sri Lanka July 22, 2022

දේශපාලන අර්බුදය හා දිනපතා සිදුවන ගිනිඅවි භීෂණය මැද පොලිසිය අරගලකරුවන් පසුපස ලුහුබඳිමින් සිටින බවට අරගලයේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ඔවුහු මේ බව කියා සිටියේ අරගලයේ මුල්පෙළ ක්‍රියාකාරීන් ඇතුළු ක්‍රියාකාරීන් ගණනාවක් දිගින් දිගටම පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කිරීමේ සිද්ධිවලින් අනතුරුව ය.

අරගලකරුවන් තිදෙනෙකු රඳවා තබා විමර්ශන...16 දෙනෙකුට ඇප.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුලු තිදෙනෙකු පැය 72ක් රඳවා තබා විමර්ශන කරන බව පොලිසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මොවුන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා විමර්ශන කිරීමටත් පොලිසිය ආරක්ෂක අමාත්‍යාවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.

රැඳවුම් නියෝග යටතේ විමර්ශනය කෙරෙන පළමු අරගලකරුවන් පිරිස වන්නේ මොවුන් තිදෙනායි.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන සිටින පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක ඉකුත් අප්‍රේල් 9 වනදා සිට මේ දක්වා වන උද්ඝෝෂණ සිදුවීම්වලට අදාළව රැදවුම් නියෝග යටතේ, රඳවා තබා විමර්ශනය කිරිමට නියමිත බවයි.

අගෝස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී පවත්වන ලද විරෝධතාව අතරතුර මොවුන් තිදෙනා ඇතුලු විරෝධතාකරුවන් 19 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, අයුතු ජන රාශියක සාමාජිකයින් වීම හේතුවෙනි.පොලිසිය පැවසුවේ, කුරුදුවත්ත, කොම්පඤ්ඤ විදීය, බොරැල්ල පොලිස් ස්ථානය හා කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

police statment

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Police

අත්අඩංගුවට ගත් සැකකරුවන් 19 දෙනා අතුරින් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 19 වැනිදා) නියෝග කළේය.

කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ච්න්තක රාජපක්ෂ එළඹෙන අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

ඒ අනුව හිමිවරුන් තිදෙනකු ඇතුලු 16 දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල් ඉලංගසිංහ විසින් නියෝග කරනු ලැබුණි.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශන අවසන් වන තෙක් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට මහා මාර්ගය අවහිර කර පොලිස් නිලධාරීගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා මත සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ පොලිසිය දක්වන කරුණු සියල්ල සාවද්‍ය බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර නඩුව සැප්තැම්බර් 12 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

ඊයේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය බව කියන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ විදෙස් ගමන් තහනම් කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පරපුර (Hashtag Generation) සංවිධානයට අනුව පසුගිය ජුලි 21 වැනිදා සිට අරගලකරුවන් 59 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තවත් 18 දෙනෙකුගේ විදෙස් ගමන් මේ වන විට තහනම් කර ඇත.

අරගලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අගෝස්තු 8 අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිසිය පැවසුවේ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ නියෝග නොතකා පසුගිය මැයි මස 19 වැනිදා කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම හා පොලිසියට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකි.

ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොටුව පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතය.

සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මොහුව පැහැරගත් බවට මුළින් වාර්තා විය.

මංගල මද්දුමගේ ගාලුමුවදොර ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළේය.

ස්ටාලින්ට ඇප

රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අගෝස්තු 8 නියෝග කළේය.

ජෝසප් ස්ටාලින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝග කරනු ලැබීය.

අගෝස්තු12 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජෝසප් ස්ටාලින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මඟින් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඔහුට ඇප නියම කෙරිණ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට පත්වුයේ අගෝස්තු 3 දිනය.

ඒ අධිකරණ නියෝග නොතකා ඉකුත් මැයි මස 28 වෙනි දින උද්ඝෝෂණය කිරීම හේතුවෙනි.

මෙයට අමතරව කොස්වත්තේ මහානාම හිමියන්වද එදින කිරුලපන හීදී අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

අරගලයට සහභාගිවූ පැතුම් කර්නර්, ධනිෂ් අලි, පුෂ්පික ද සිල්වා ඇතුලු ක්‍රියාකාරීන් රැසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අතර ඇතැම් ක්‍රියාකාරීන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

පසුගියදා සිදුවූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් අද ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු අද(08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප 06 ක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ 32 දෙදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

මේ අතර ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ සී.සී.ටී.වී. දර්ශන මඟින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 32 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

ජූලි 9 වන දින ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි තිබූ දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

'මම අරගලකරුවන් දඩයම්කරන්නෑ'-ජනපති

සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගොස්තු 03දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

"මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා." ඔහු පැවසීය.

"නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි." ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

"මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා."

මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරගලකරුවන් පෙන්වා දෙන්නේ "ජෝසප් ස්ටාලින් ජාත්‍යන්තරය දන්න වෘත්තීය සමිති නායකයෙක්. ජොසප් අත්අඩංගුවට ගැනීම නිසා GSP සහනය පවා නැතිවෙන්න පුලුවන්." යැයි 2021 ජුලි මාසයේදී නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල බවට එවකට ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ පාර්ලිමේන්තුව අමතමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහම පැවසු බවයි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

මේ අතර අගෝස්තු 3 වනදින පොලීසිය ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට අයත් භුමියේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා අගෝස්තු 3 වනදින පස්වරු 5.00 ට පෙර වහාම ඉවත් කරගන්නා ලෙසයි.

එසේ නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පියවර ගත යුතු බවත් කොටුව පොලිසිය මඟින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇති අතර පොලීසිය පවසන්නේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවත් විරෝධතාකරුවන් වෙත පොලිසිය දැනුම් දී ඇත.

කෙසේ වෙතත් නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව අගෝස්තු 10 වැනිදා දක්වා ගාලු මුවදොර 'ගෝඨාගෝගම' අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අගෝස්තු 05 වන දින ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

සිය නීතිඥවරුන් මඟින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කරන්නේ කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තර කරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.එතුළින් තම මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.එමෙන්ම තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පියතුමන් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මීට පෙර පසුගියදා BBC නිව්ස්ඩේ වැඩසටහන හා සම්බන්ධ වෙමින් අමිල ජීවන්ත පියතුමා සඳහන් කළේ පවතින මර්දනකාරී තත්ත්වය හමුවේ තමන් ඇතුළු බොහෝ දෙනෙකුට ආරක්‍ෂිත ස්ථාන වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.

ඔහු එහිදී කියා සිටියේ "මගේ එකම කනස්සල්ල, මේ අවිහිංසාවාදී විරෝධතා වලට සම්බන්ධ වූ බොහෝ තරුණයින් දැන් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීම. මම ඒ ගැන ඇත්තටම කනස්සල්ලට පත්වෙනවා, අපේ තරුණයින්ගේ සහ අපේ මිනිසුන්ගේ ජීවිත ගැන මම දුක් වෙනවා, ඔවුන් යුක්තිය ඉල්ලා හඬා වැටෙන්නේ ඒ නිසා මට කණගාටුයි" යනුවෙනි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ජුලි 9 වන දින පළමුවරට බලහත්කාරයෙන් ඇතුළුවූ බවට චෝදනා කරමින් 38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අගෝස්තු 1 රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ඔහු අගෝස්තු 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද ( අගෝස්තු 2) නියෝග කළේය.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර සිටියේ එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

අරගලයේ ක්‍රියාකාරීව සිටි යූටිබර්කරුවන් දෙදෙනෙකු වූ රතිඳු සේනාරත්න (රැට්ටා) සහ ඩිලාන් සේනානායක අගෝස්තු 1 වැනිදා සවස් කාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේදී ප්‍රකාශයක් ලබාදීමට ගොස් සිටියදී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රතිඳු සේනාරත්න (රැට්ටා) අත්තඩංගුවට ගෙන තිබේ.

Skip X post, 6
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 6

මැයි 21 වනදා පැවති විරෝධතාවකට සහභාගී වී පොදු දේපලට හානි කොට රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා බාධා ඇති කළ බවට වන චෝදනා මත ඔහු අත්තඩංගුවට ගන්නා බවට පොලිසිය පැවසු බව ඩිලාන් සේනානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මීට පෙර එක් අවස්ථාවකද රතිඳු සේනාරත්න පොලිස් අත්තඩංගුවට පත්ව තිබිණි.

මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරගේ නිවසටද අගෝස්තු 1 වැනිදා සවස විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බලහත්කාරයෙන් ඇතුළු බව එම නිවැසියන් පැවසු බව ක්‍රියාකාරීහු චෝදනා කරති.

Skip X post, 7
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 7

ප්‍රකාශයක් සටහන් කරගැනීමට බව පවසමින් ඔවුන් එහි පැමිණ ඇති අතර, ඔහු එම අවස්ථාවේ නිවසේ නොසිටි බවට ඔවුහු පවසති.

එදින මාධ්‍ය හමුවක් කැඳවමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසා සිටියේ කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිව්වැනි වසරේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පසුගිය ජුලි 31 වනදා සවස 3ට පමණ සුදු වෑන් රියකින් පැහැරගෙන තර්ජනය කොට බිය ගන්වා ඉන් පැය තුනකට පසු මහමඟ දමා ගොස් ඇති බවයි.

Skip X post, 8
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 8

පසුගිය ජුලි 30 වනදා රාත්‍රී පොලිස් මෙහෙයුමකින් පසුව රුවන් ප්‍රසංග නමැති අරගලයේ මුල් පෙළේ ක්‍රියාකරුවෙකු සමඟ තවත් තරුණයින් සිව්දෙනෙකු ද නුවරඑළිය කටුකැලේ බොනවිස්ටා ප්‍රදේශයේ නිවසකදී අත්තඩංගුවට ගෙන ඇති බවටද ක්‍රියාකාරීහු චෝදනා කරති.

කෙසේ වෙතත් පසුගිය ජුලි 29 වනදා උදෑසන 7.30ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයට ද පොලිසිය විසින් වරෙන්තුකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සෙවීමට පැමිණි බව පවසමින් එම ස්ථානය පරික්ෂා කොට තිබුණි.

මෙතෙක් අත්අඩංගුවට පත් පිරිස අතර ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ධනීෂ් අලී, පැතුම් කර්නර් ඇතුළු ක්‍රියාකාරීහු වෙති.

අරගලයේ 21 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධනිෂ් අලි ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 28) තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

කොටුව පොලිස් වසම තුළ නීති විරෝධී ජනරාශී ක්‍රියා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ධනිෂ් අලි ඇතුළු පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.

මීට අදාළව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කරනු ලැබුවේය.

මේ අතර, නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ලහිරු වීරසේකර සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබීය.

නීති විරෝධී ජන රාශියකට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ලහිරු වීරසේකර සහ පූජ්‍ය සුගතානන්ද හිමි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණ.

අරගලයේ නායකයින්ට බලපෑම්

අරගලයේ නායකයින්ට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙමින් ඇතැයි, අරගලයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලීන් අවධාරණය කළේය.

"මේ වන විට අරගලයේ සිටිය ක්‍රියාකාරීන් එකසිය පනස් ගාණක් අත්අඩංගුවට ගන්න සැලසුම් හදලා තියෙනවා. පුරාවිද්‍යා පනත යටතේ. එවගේම පොදු දේපල පනතේනුත් දාල තියෙනවා. මේ වෙනකොට අරගලයේ නායකයින්ට විවිධාකාරයේ බලපෑම් කරනවා. ආරක්ෂක හමුදා, පොලිසිය ගෙවල් අසළට යවනවා. බිය ගන්වනවා. අපි දන්නවා රනිල්ට ජනබලයක් නැහැ. ඔය මන්ත්‍රීවරු 138ටම ජනබලයක් නැහැ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනබලයක් නැහැ."

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් නෙරපා හැරීම සඳහා ජනතා විරෝධතා ආරම්භවූයේ පසුගිය මාර්තු මස අගභාගයේ දී ය.

ජනාධිපතිවරයා ධුරයෙන් පළවා හැරීම සඳහා මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවස අසලින් ආරම්භ වූ ජන අරගලය ජනාධිපති කාර්යයාලය දක්වාත්, ජුලි 09 වැනිදා ජනාධිපති මන්දිරය ආක්‍රමණය කිරීම දක්වාත් තීව්‍රවිය.

ජනතා පීඩනය හමුවේ ජනාධිපතිවරයා ජුලි 13 වැනිදා අලුයම ගුවන් හමුදා යානයකින් මාලදිවයින බලා පලාගිය අතර, අනතුරුව සිංගප්පුරුවට පැමිණිමෙන් පසු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.

ඉන් අනතුරුව මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේ ය. ඔහු ධුරයට පත්ව පැය 24ක් යන්නට මත්තෙන් ජනාධිපති කාර්යයාලය අසල විරෝධතාවයේ නිරත අරගලකරුවන් යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ යොදවා, පහරදී ඉවත් කිරීමට පියවර ගත්තේ ය.

එහිදී අරගලකරුවන්, මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ආරක්ෂක අංශවල ප්‍රහාරයට ලක්වූ අතර 9 දෙනෙකු සැකපිට අත්අඩංගුවට පත්විය.

අනතුරුව ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල මීටර් 50ක වපසරිය තුළට ඇතුළුවීම අවහිර කරමින් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තේ බණ්ඩාරනායක පිළිරුව තර්ජනයට ලක්ව ඇති බව පවසමිනි.

ඒ අනුව අධිකරණ නියෝග කඩකළ බවට බණ්ඩාරනායක පිළිරුව අසළ මීටර් 50 සීමාව තුළ රැඳී සිටි තරුණයින් සිව්දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ජුලි 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සිව්දෙනා ජූලි 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්වුයේ ධනීෂ් අලී නමැති තරුණයෙකි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මොහුට පසුගිය ජූලි 09 වැනිදා ජාතික රුපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වීම හා එහි විකාශන කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ විදේශ රටකට පළායාමට උත්සාහ කළ වරෙන්තුකරුවෙකු ලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව යි. ඔහු කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

Skip X post, 9
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 9

ඔහු පසුගිය මස 20 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජිත පිරිසක් මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශ ගේට්ටු අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරතවූයේයැ යි කොටුව පොලිස් ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර ඇත.

හෙතෙම එහිදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණ.

පසුගිය මස 9 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර දී පොදු දේපලවලට අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරකරණය මඟින් ඇප මත මුදාහැර ඇත.

මීට අමතරව ඉකුත් මස 12 වැනිදා ජනාධිපති ලේකම් කාර්යයාලය ආශ්‍රිතව විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයේ දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට පහර දී, ඔවුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු බවට ද මොහු හඳුනාගෙන ඇතැ යි පොලිසිය ප්‍රකාශ කළේ ය. ඒ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ජූලි 20 වන දින ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට අනර්ථයක් සිදුකරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට ගිය කොටුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ සිද්ධියට අවශ්‍ය කරන සැකකරුවෙකු වශයෙන් ද මොහු හඳුනාගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කර ඇතැ යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඇන්තනී වේරංග හා පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය අද පස්වරුවේ (ජූලි 28) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ය.

පසුගිය 13 වනදා පැවැති විරෝධතාවන් අතරතුර දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බවට චෝදනා පිට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, අද දහවල් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුව යි.

Skip X post, 10
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 10

පැතුම් කර්නර් සමාජ මාධ්‍ය ඔස්සේ මහජන අරගලය සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු ලෙස සැලකෙයි.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුට ලැබීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වන අරගල ක්‍රියාකාරීහු පවසන්නේ ඔහුව ඊයේ (ජුලි 27) බලහත්කාර පැහැර ගැනීමකට ලක්වුණු බවයි.

Skip X post, 11
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 11

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මැයි 19 වැනිදා සහ ජුනි 09 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේ ද, ජුනි 10 බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී ද අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට හානි කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව යි.

අත්අඩංගුවට වත් ගත් ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා ගාලුපාර, දොඩම්දූව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

මොහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනගොස් වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මේ අතර පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින්, නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙකු වෙමින්, රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඉස්මත් මවුලවි ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල පදිංචි ඔහු 44 හැවිරිදි අයෙකි.

මැයි 09 වැනිදා කොළඹ ගංගාරමය අසල දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහු අවශ්‍ය සැකකරුවෙකු බව පොලිසිය පවසයි.

මේ අතර අරලියගහ මන්දිරයේ තුළ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගත් බවට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශය මඟිනි.

අධිකරණයට ඉදිරිපත් කළ මොහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝගය කරනු ලැබීය.

පසුගිය 09 වැනි දා අරලියගහ මන්දිරය තුළ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් නැතිවීම සම්බන්ධයෙන් ඔහු සැක පිට අත්අඩංගුවට ගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ ය.

Skip X post, 12
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 12

අරගලකරුවන් භාරදුන් මුදල් වහාම අධිකරණයට භාර දෙන්න

කොටුව ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් පොලිසියට භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (ජූලි 28) කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.

පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් පොලිසිය වෙත භාරදී ඇති බව ද කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දී සිටියේ ය.

එලෙස භාරදුන් මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් සති තුනක් ගිය ද අධිකරණයට ඉදිරිපත්කර නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.

මෙම මුදල් සම්බන්ධව වාර්තාවක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

"වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටුණා වගේ වැඩක්"

මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස යි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලිසිය පවසා සිටියේ, පිරිසක් ජනාධිපති මන්දිරය තුළවූ මුදල් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිට ඇතිබව යි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල කියා සිටියේ මෙම සැකකරුවන්ට වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටී ඇති බව යි.

"මේ සැකකරුවන්ට එල්ලකර තිබ්බ චෝදනාව තමා, ජනාධිපති මන්දිරයේ හතරවැනි කාමරයේ තිබිලා රුපියල් එක්කෝටි හත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් මේ සැකකරුවන් භාරදීලා තියෙනවා පොලීසියට. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 09 වැනිදා. අරගලය සිද්ධ වෙච්ච දවසෙම තමා මුදල් ප්‍රමාණය ඔවුන් භාරදීලා තියෙන්නේ. ඊයේ දවසේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා මේ 04 දෙනාව අත්අඩංගුවට අරගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා. මේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටිච්ච වැඩක්. අපි කරේ හොඳක්. එක් කෝටි හැත්තෑ අටලක්ෂ පනස් දහසක මුදල අපි අදාළ පොලිස් නිලධාරියට භාරදීලා තියෙනවා. ඒ භාරදුන්නාට පස්සේ ඔවුන්ව අත්අඩංගුවට අරගෙන අද දවසේ ඉදිරිපත් කරලා තියෙනවා."

"විශේෂම කාරණය තමා, ගරු මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දුන්නා 09 වැනිදා පොලිස් ස්ථානය වෙත භාරදුන්නු මුදල් ප්‍රමාණය එක් කෝටි හැත්තෑ අට ලක්ෂපනස් දහසක මුදල් ප්‍රමාණය අද වනතුරු අධිකරණයේ තැන්පත් කරලා නැහැ. ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කළා කොටුව පොලිස් ස්ථානාධිපතිතුමාට වහාම එම මුදල් වාර්තාවක් එක්ක ගෙනල්ලා, ඒ මුදල් අධිකරණයේ තැන්පත් කරන්න කියලා."

Skip X post, 13
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 13

හදිසි නිතී රෙගුලාසි ඉවත් කරන්න

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබෙන හදිසි අවස්ථා රෙගුලාසිවලට අදාළ ගැසට් නිවේදන බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික (ජෙනරාල්) කමල් ගුණරත්න යන අය නම්කර ඇත.

Skip X post, 14
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 14

රට ස්ථාවර කිරීමට හදිසි නීතිය අවශ්‍ය යි - අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

කෙසේ නමුත්, රට ස්ථාවර කිරීමට මේ අවස්ථාවේ හදිසි නීතිය අවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඔහු කියා සිටියේ හදිසි නීතිය පැනවූ නමුත් එහි සියලූ රෙගුලාසි එලෙසින්ම ක්‍රියාත්මක නොකළ බව යි.

Skip X post, 15
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 15

සභානායක ධුරයට පත්වීමෙන් පසු බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ මුණගැසී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

රටට ආණ්ඩුවක් පැවතිය යුතු අතර, එය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව රැක ගැනීම සඳහා ක්‍රියා නොකළා නම් විදේශීය මූල්‍ය ආයතනවලින් රටට ණය ආධාර, විදේශ ආයෝජන නොලැබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

රජය තරුණයන්ගේ හඬට සාවධානව අවධානය යොමු කරන අතරේ ගෝල්ෆේස් පිටිය වැනි ස්ථාන මෙසේ අර්බුදකාරීව පැවතීම විදෙස් විනිමය ලැබෙන සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.