'මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලෙන්'-ජාත්‍යන්තර ප්‍රජාව

නිරායුද අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සාමකාමී සිවිල් පුරවැසියන්ට ජනාධිපති කාර්යාලය අසළ අරගල භූමියේදී අද (ජූලි 22) අලුයම යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ එල්ල කළ නින්දිත ප්‍රහාරය ජාතික මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජනමාධ්‍ය සංවිධාන හා විපක්ෂ දේශපාලනඥයින් විසින් හෙළා දකිනු ලැබීය.
දවස් 100 කට අධික කාලයක් මෙම භුමියේ රැඳී සිටි අරගලකරුවන් වෙත හදිසියේ අලුයම් කාලයේදී කඩා වැදී පහරදීම සිදුවුයේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ධුරයේ වැඩ බාර ගැනීමෙන් පැය 24ක් ඉක්ම යාමටත් පෙර සහ නව අගමැතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම්ව තිබු පසුබිමකය.
එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය යෙදවීම ගැන දැඩි අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් අවධාරණය කළාය.ඇය කියා සිටියේ මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්‍ෂකයන්ට පෙළපාලි නිරීක්‍ෂණය කිරීමට අයිතියක් ඇති අතර එම කටයුතුවලට බාධා නොකළ යුතු බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වහා පියවරගන්න- ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
මෙම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායකගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඇය කියාසිටියේ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට අලුයම එල්ලකළ ප්‍රහාරය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙළා දකිනා බවත්, හමුදාව සහ පොලීසිය විරෝධතාකරුවන් අතරට බැස විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම, මාර්ග අවහිර කිරීම සහ වෙනත් පුද්ගලයින් එම ප්‍රදේශයට පිවිසීම වැළක්වීම මෙන්ම නීතිඥවරුන් ද ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීමක් බවයි.
ඇය වැඩි දුරටත් කියාසිටියේ අත්අඩංගුවට ගත් තැනැත්තන් වහා නිදහස්කළ යුතු බවත් , අනෙක් තැනැත්තන් සිටින ස්ථානය හෙළිකළ යුතු බවත් කොළඹ ගෝඨා ගෝ ගම සහ ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථානවල සාමකාමීව විරෝධතාවයේ නිරතවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වහා පියවරගන්නැ යි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
සංයමයෙන් කටයුතු කරන්න - කොළඹ අමෙරිකානු තානාපති
මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව කොළඹ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අවධාරණය කළාය.
බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් කොළඹ අමෙරිකානු තානාපතිවරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
බ්‍රිතාන්‍යයේත් දැඩි අවධානය - කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්
ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා ගැන දැඩි අවධානයක් යොමු කර ඇතැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් අවධාරණය කළාය.
ඇය කියා සිටියේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
ප්‍රකාශනයේ නිදහස අත්‍යාවශ්‍ය කරුණක්.- කොළඹ යුරෝපා සංගම් කාර්යාලය
වත්මන් සංක්‍රාන්තිය සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය බව කොළඹ යුරෝපා සංගම් කාර්යාලය සඳහන් කළේය. එය දැඩි ලෙස සීමා කිරීම, වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට උපකාරී වන ආකාරය දැකීමට අපහසු බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය නිවේදනය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
සාමකාමීව රැස්වීමට සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට අයිතියක් ඇත - කොළඹ නෝර්වේ තානාපති
ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර අපි හෙළා දකින බව කොළඹ නෝර්වේ තානාපති ටයිනි එස්කරඩෙල් අවධාරණය කළාය.
ඇය පෙන්වා දෙන්නේ, එහිදී මාධ්‍යවේදීන් සහ නීතීඥයින්ටද තුවාල සිදුවී ඇති බවයි.
සංයමය, නීතියේ ආධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කොළඹ නෝර්වේ තානාපතිවරිය අවධාරණය කළාය.
සාමකාමීව රැස්වීමට සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට අයිතියක් ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 6
විධායකයේ ක්‍රියාකාරකම් මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අද උදෑසන තමන්ට ලැබුණු පැමිණිල්ලක් මත ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියට පැමිණි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිරික්ෂක කණ්ඩායමක් පැමිණියහ.ඉන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙලෙස නිවේදනයක් නිකුත් කළේය.
"ගෝල්ෆේස් අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද අලුයම හමුදාව විසින් එල්ලකරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) හෙළා දකියි. මෙය විධායකයේ ක්‍රියාකාරකම් මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමකි. අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, හමුදාව විසින් හෝ රාජ්‍යයේ පාලනය යටතේ ඇති කිසිදු ක්‍රියාවක් මඟින් ඉදිරියේ දී කිසිසේත්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවනු ඇතැයි සහතික කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් HRCSL රජයට උපදෙස් දෙයි. ඒ අතරතුර, නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා HRCSL විසින් තමන්ගේම පරීක්ෂණයක් පවත්වනු ඇත" යනුවෙන් එහි සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 7
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව පැය 24ක් ගතවීමටත් මත්තෙන්, අද (22) අලුයම ගෝල්ෆේස් අරගලභූමියට ආරක්ෂක හමුදා යොදවා එල්ල කළ අමානුෂික හා පිළිකුල් සහගත ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකින බවට නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
මෙහිදී අදාළ සිදුවීම් වාර්තා කළ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ටත්, සමාජ මාධ්‍යවේදීන්ටත් පහර දී ඇති අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටද හානි සිදු කර තිබේ.මාධ්‍යවේදීන්ට සිදු වී ඇති පහරදීම් හා හානි පිළිබඳ මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැත.ගෝල්ෆේස් අරගලභූමියට ප්‍රවේශ වන සියලු මාර්ග අහුරා ඇති අතර උදෑසන වන විටත් එහි ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබී නැත.
හමුදා ප්‍රහාරකයින්, පූජ්‍ය පක්ෂයට, කාන්තාවන්ට හා ආබාධිත ප්‍රජාවට පවා අමානුෂික ලෙස පහරදුන් බවත්, විශාල පිරිසක් ප්‍රහාර වලින් තුවාල ලබා සිටින බවත්, තුවාලකරුවන් රැගෙන යෑමට පවා ආරක්ෂක අංශ බාධා කර ඇති බවත් අරගලභූමියෙහි සිටි මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර ඔවුන් පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කළේය.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදීය. මේ ආකාරයේ සන්නද්ධ බලයක් යෙදවීමට අවශ්‍ය වාතාවරණයක් එහි කිසිසේත්ම නොපැවති බව පැහැදිලිය. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම තවදුරටත් උත්සන්න කරන අමනෝඥ ක්‍රියාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා අවධාරණ කරයි.
මෙම ප්‍රහාරය පුරවැසියන් සතු සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතියද ඇතුළත් අදහස් පළ කිරීමේ අයිතිය, වධහිංසාවලට ලක් නොවීමේ අයිතිය, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව සිය වෘත්තියෙහි නිරත වීමේ අයිතියද ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව තරයේ අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනමාධ්‍ය හා නීති ප්‍රජාව සමඟ එක්ව ඊට එරෙහිව ගත හැකි සියලු නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳව වහාම පරීක්ෂණ කරන්න - විපක්ෂනායක
රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවට සුපුරුදු ම්ලේච්ඡත්වය සහ නිල ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් වර්තමාන "රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව" අද අළුයම් කාලයේදී ගෝල්ෆේස් හි සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුළු ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ එය වාර්තා කිරීමට පැමිණි දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් රැසකට ද, ආබාධිත රණවිරුවන්ට ද එම අමානුෂික ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූ අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ම්ලේච්ඡ පන්නයේ නිල ප්‍රචණ්ඩත්වයක් බවයි.
නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ මෙවැනි මිලේච්ඡතාවයන්ට එහා ගිය බලගතු ආණ්ඩුද ජන බලයෙන් ගෙදර යවා ඇති බවය.
මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව අප දැඩි කම්පනයට පත්වන අතර, එම ප්‍රහාරයටම උරුම පිළිකුලෙන් යුතුව අපි එය හෙළා දකිමු. අපේ රට ගෝත්‍රික තැනකට තල්ලු කිරීමට උත්සාහ කරන "රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව"මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බව ආණ්ඩුවට අවධාරණය කරන බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.
අවි ආයුධ වලින් ජන අරගල මැඬ පවත්වන්න එපා. මැඬ පවත්වන්න බැහැ. - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් අවධාරණය කළේ, සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම යන බලාපොරොත්තුව අද සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්ව ඇති බවයි.
"එවන් පරිසරයක් යටතේ අරගල ඇති වෙයි තවදුරටත්. ඒ අරගල අවි ආයුධ වලින් මැඬ පවත්වන්න බැහැ. එහිදී සිදුවන්නේ නොසිතූ විරූ භීෂණයක්. දැන් පාලන බලය වගකීම දරණ ජනාධිපතිවරයා වහාම දුර දක්නා නුවණින් සර්ව පාක්ෂික පාලන බලය පිහිටුවන්න."
"ජනතා අරගල නවත්වන්න පුලුවන් වෙන්නේ තමන්ගේ දේශපාලන ප්‍රයෝගික ජනහිතවාදී ක්‍රියාකාරීත්වයනේ පමණයි. ඒ හැරෙන්න අවි ආයුධ වලින් ජන අරගල මැඩ පවත්වන්න එපා, මැඩ පවත්වන්න බැහැ.එහි අවසානය වෙන්නේ මහා පරිමාණ ලේ වැගිරීම් සහිත භීෂණ පමණයි." උන්වහන්සේ අවධාරණය කළහ.
සියල්ලට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග විය යුතුයි- මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන පැය 24ක් ඉක්මවා යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද මෙම අමානුෂික හා නීති විරෝධී පහරදීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් අවධාරණය කළේය.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් පමණක් ජනාධිපති ධුරයට පත්වූ එතෙක් පාර්ලිමේන්තුව තුළ කිසිඳු ජන අභිමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම පහරදීම් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කඩකර ඇති බවයි.
ජනාධිපති කාර්යාලය අභියසින් අද සවස වන විට ඉවත් වන බව අරගලකරුවන් ප්‍රකාශ කොට තිබියදී එල්ල කරන ලද මෙම සාහසික ප්‍රහාරයට ද, මෙම අමානුෂික ප්‍රහාරය හේතුවෙන් අනාගතයේ දී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදු වූවොත් ඒ සියල්ලට ද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග විය යුතු බව කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.
මෙහි දී ප්‍රහාරයට ලක් වූ පිරිස අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් සිටින බවත් වාර්තා වී ඇත.
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු කර ඇති මෙම ප්‍රචණ්ඩත්වය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.
විදේශීය මාධ්‍යවේදීන්ට සිදුවූ ප්‍රහාරය තරයේ හෙලා දකිමි.
කාදිනල් හිමි පෙන්වා දුන්නේ මෙවැනි මර්දනකාරී ක්‍රියාවන් හේතු කොටගෙන සිදුවිය හැකි ජාත්‍යන්තර අපකීර්තිය හා ආර්ථික අර්බුදය විසඳීමෙහිලා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයට සිදුවන අනර්ථකාරී බලපෑම් සියල්ලට ජනාධිපතිවරයා වග විය යුතු බව මෙහිලා ප්‍රකාශ කරන බවයි.
එසේම මෙම ව්‍යවස්ථා විරෝධී මිලෙච්ච ප්‍රහාරය පිළිබඳ ස්වාධීනව හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් කොට එයට පණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ ද ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.











