ගාලු මුවදොර අරගලකරුවන්ට හමුදාවෙන් අමානුෂික ප්‍රහාර;සජීව විකාශය අතරතුර BBC මාධ්‍යවේදීන්ටත් පහර දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය.
බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත.
එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කෙසේ වෙතත් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම හමුදා පහරදීම් වලට ලක්ව ඇති බවට මාධ්‍ය ආයතන හා සංවිධාන පවසයි.
අද අලුයම් කාලයේදී ඉතා විශාල වශයෙන් ආරක්ෂක අංශ නිලධාරින් ගාලු මුවදොර දෙසට පැමිණෙන බවට මීට පෙර වාර්තා විය.
විරෝධතාකරුවන් ජනපති කාර්යාලයෙන් පිටවීමට පැය කිහිපයකට පෙර සිය ගනණක් වූ යුද හා ගුවන් හමුදා සහ පොලිස් කමාන්ඩෝ භටයින් ජනාධිපති කාර්යාලය අවට පිහිටුවා තිබූ විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
අද (ජූලි 22) ප.ව 2 ට අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යයාල පරිශ්‍රයෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දී තිබියදීත් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ධුරයේ වැඩ බාර ගැනීමෙන් පැය 24 ක් ඉක්ම යාමටත් පෙර මෙසේ අරගලකරුවන් වෙත පහරදීම් කොට ඔවුන් අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ගත් උත්සාහය පිළිබඳව නීතිඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
රජය පෙරළීමට හෝ රජයේ ගොඩනැඟිලි අල්ලා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නන්ට එරෙහිව නීතියට අනුව දැඩිව ක්‍රියා කරන බවට රනිල් වික්‍රමසිංහ ජනපති වීමෙන් අනතුරුව අනතුරු අඟවා තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
ගෝඨා ගෝ ගම අරගල භුමියේ පිහිටි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, අබාධිත රණවිරු කුඩාරම, දෘශ්‍යබාධිතයින්ගේ කුඩාරම ඇතුලු ස්ථාන රැසක් වෙත මේ වන විට ප්‍රහාර එල්ල කොට විනාශ කොට ඇති බවත්, නීතීඥ නුවන් බෝපගේ සහ මීට පෙර මැයි 09 වන දින ප්‍රහාරයෙන් අබාධිත ත්ත්තත්වයට පත්ව සිටින අනුරංග ශාලික ඇතුළු පිරිසක් අමානුෂික ලෙස පහරදී; ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට මරදාන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවට එහි සිට බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ විරෝධතාකරුවෙකු සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
කෙසේ වෙතත් මේ වන විට කිසිදු මාධ්‍යවේදියෙකු හට මෙම ප්‍රදේශයට ඇතුල්වීමට අවසර නොදෙන අතර, ඒ සඳහා තමන් වෙත සෘජු නියෝග ලැබී ඇති බවට ආරක්ෂක අංශ මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 6
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ "සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුත්තන් බැදී සිටිය යුතු බවත්, අනවශ්‍ය ලෙස කුරිරු සහගත ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවන බවයි".

මේ සම්බන්ධව විමසීමට ආරක්ෂක අංශ සහ පොලීසිය සම්බන්ධ කරගැනීමට BBC සිංහල කළ උත්සාහය ව්‍යර්ථ විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 7
බීබීසී මාධ්‍යවේදීන්ට කළ පහරදීම පිළිබඳ බීබීසී ලෝක සේවයේ අන්බරසන් එතිරාජන් කොළඹ සිට
මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ පිහිටි උද්ඝෝෂණ භූමියට හමුදා භට පිරිස් කඩා වැදීමට ඉඩ ඇති බව දැනගත් විට අපි ජනාධිපති කාර්යාලය ඉදිරිපිට එම ස්ථානයට ගියෙමු.
වැඩි වේලාවක් යන්නට මත්තෙන්, දැඩි සන්නද්ධ සොල්දාදුවන් සහ කැරලි මර්දන ආම්පන්න සහිත පොලිස් කමාන්ඩෝ භටයන් සිය ගණනක් මුහුණු වසාගෙන දෙපැත්තකින් එම ස්ථානයට පැමිණියහ.
විරෝධතාකරුවන් ඔවුන්ගේ පැමිණීමට විරෝධය පළ කළ විට, ආරක්ෂක නිලධාරීන් ඔවුන් වෙත ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දැක්වීය. විරෝධතාකරුවන් පසුපසට තල්ලු විය.
තත්පර කිහිපයක් ඇතුළත, පදික වේදිකාවේ ඇති කූඩාරම් සහ වෙනත් ද්‍රව්‍ය සොල්දාදුවන් කෑ ගසමින්, කඩා බිඳ දමමින් විනාශ කරන අයුරු අපි දුටුවෙමු. පසුගිය සතියේ අතිවිශාල ජනකායක් විසින් කඩා වැදුණු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද භට පිරිස් ගමන් කළහ.
අරගලකරුවන් මීට පෙර කියා සිටියේ සිකුරාදා පස්වරුවේ ගොඩනැගිල්ල භාර දෙන බවයි. අපි සොල්දාදුවන් පසුපස යද්දී, ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ සිටි සියල්ලන් ඉවත් කරන ආකාරය අපට දැකගත හැකි විය.
විරෝධතාකරුවන් මීටර් 100 ට වඩා අඩුවෙන් නම් කරන ලද විරෝධතා ස්ථානයටකට ගාල්කොට ඇති අතර අරගලයේ ක්‍රියාකාරීන් නැවැත්වීම සඳහා වානේ බාධක දමා ඇත.
අපි එම ප්‍රදේශයෙන් ආපසු එමින් සිටියදී, සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා භට පිරිසක් වටකරගත් පුද්ගලයෙක්, මගේ සගයාට කෑ ගසමින්, ඔහුගේ දුරකථනයෙන් වීඩියෝගත කළ දර්ශන මකා දැමීමට අවශ්‍ය බව කීවේය. තත්පර කිහිපයකින් ඔහු මගේ සගයාට පහර දී ඔහුගේ දුරකථනය උදුරා ගත්තේය.
අපි මාධ්‍යවේදීන් බවත් අපි අපේ රාජකාරිය කරන බවත් මම ඔවුන්ට පැහැදිලි කළත් ඔවුන් සවන් දුන්නේ නැත.
ඔවුන් මගේ සගයාට තව දුරටත් පහර දුන් අතර ඒ පිළිබඳ අපි දැඩි විරෝධතාව පළ කළෙමු.
තවත් බීබීසී සගයකුගේ මයික්‍රොපෝනය උදුරාගෙන එයද ඔවුන් විසි කොට දැමු අතර,දුරකථනයෙන් වීඩියෝ දර්ශන මකා දැමීමෙන් පසු දුරකථනය ඔහු නැවත ලබා දුන්නේය.
තවත් හමුදා නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් අපට එම ස්ථානයෙන් පිටතට ඒමට හැකියාව ලැබුණි.
මගේ සගයා කම්පාවට පත් වූ නමුත් මීටර් සිය ගණනක් දුරින් පිහිටි අප නැවතී සිටි හෝටලයට ආපසු පැමිණිමට අපට හැකිවිය.
ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදාවෙන් සහ පොලිසියෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට බීබීසීය උත්සාහ කළ නමුත් කිසිවෙක් අපගේ ඇමතුම්වලට පිළිතුරු දුන්නේ නැත.