''දැන් හත්පොලේ ගාගෙන ඉන්නේ. කරුණාකරලා බැහැල යන්න මේ තරුණ ළමයින්ට රට දීලා''-අරගලයේ ස්ත්‍රීන්
අරගලයේ ස්ත්‍රීන් නායකත්වය දුන් සත්‍යග්‍රහයක් අද (අගෝස්තු 03) 'ගෝඨා ගෝ ගම' බාලදක්ෂ මාවතේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී පැවැත්වුණි.
අරගලකරුවන්ට එරෙහි මර්දනයට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කිරීම සඳහා එම සත්‍යග්‍රහය සංවිධානය කළ බව ඊට සහභාගීවුවෝ පැවසූහ.
හදිසි නීතිය හා අනෙකුත් අණපනත් ගැන සඳහන් කරමින් පොලීසිය මෙහිදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන අරගලකරුවන්ට කරුණු පැහැදිලි කරන ලදී.


