ස්වාධීන වූ රජයේ මන්ත්‍රී වරුන් කවුරුදැයි ඔබ දන්නවාද?

ඡායාරූප මූලාශ්‍රය, Parliament SL
රජයට එරෙහිව ජනතාව වීදි බැසීමෙන් සහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පළමු වරට පාර්ලිමේන්තුව අද රැස්විය. එහිදී රජය නියෝජනය කරන මන්තිවරුන් 42දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාෂ කිරීමත් සමග රජයට සාමාන්‍ය බහුතරයද අහිමිවී ඇත.
අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගෙන් විමසා සිටියේ ඇමතිවරු ඉල්ලා අස්ව ඇති නිසා න්‍යාය පත්‍රයේ සඳහන් ආකාරයට ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම පලක් නොවන බවයි.
එබැවින් එම කටයුතු පසෙකට දමා රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දිනයේ යොදා ගන්නා ලෙස ඔහු යෝජනා කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ ඇති විෂයයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට රාජ්‍ය අමාත්‍යවරු මීට පෙර පාර්ලිමේන්තුවේ සිටිය ද දැන් ඔවුන් ද ඉල්ලා අසිවී ඇති නිසා ඒ වෙනුවෙන් කටයුතු කිරමට කිසිවෙකු නොමැති බවයි.
ඒ අවස්ථාව වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සභාගැබ තුළ සිටියේය. එබැවින් සභානායක දිනිෂ් ගුණවර්ධන සදහන් කළේ ඕනෑම ප්‍රශනයකට පිළිතුරු දීමේ බලය අගමැතිවරයා සතු වන අතර පාර්ලිමේන්තු සම්ප්‍රදාය දෙස අවදානය යොමු කරන ලෙසයි.
''නිත්‍ය වශයෙන් අගමැති සියල්ලට වග කියන්න ඕනා. නමුත් දැන් එතුමා ඉන්නේ කියන්න බැරි තත්ත්වයක.'' යනුවෙන් අනුර කුමාර යළි පවසන ලදී.
ඉන් අනතුරුව නැගී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අදහසට වඩා වෙනත් අදහසක් තමන් ඉදිරිපත් කරන බවයි.
''නිත්‍යානුකුලව කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙලා නෑ. ඒ වගේම රටේ තත්ත්වය තේරුම අරගෙන අපි ක්‍රියා කරන්න ඕනා. ඒ නිසා අපි මින් ඉදිරියට අනන්‍ය වූ කණ්ඩායමක් ලෙස ස්වාධීනව ක්‍රියා කරනවා'' යනුවෙන් පවසා මන්ත්‍රීවරුන් කණ්ඩායමක නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය.
එයට මොහොතකට පසු නැගී සිටි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ තමාගේ නම අදාල ලැයිස්තුවට ඇතුළත් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඔහුගේ ස්ථාවරය ඉදිරියේදී තමන්ම ප්‍රකාශ කරන බවයි.
අනුර අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළ ස්වාධින වන මන්ත්‍රීවරුන්:
- අනුර ප්‍රියදර්ශන යාපා
- ජෝන් සෙනෙවිරත්න
- සුදර්ශනී ප්‍රන්දුපුල්ලේ
- සුසිල් ප්‍රේමජයන්ත
- චන්දිම වීරක්කොඩි
- නලින් ප්‍රනාන්දු
- ප්‍රියංකර ජයරත්න
- නිමල් ලාන්සා
- රොෂාන් රණසිංහ
- ජයරත්න හේරත්
මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ වත්මන් රජය ඉවත්විය යුතු බවයි. තමන් සමග කටයුතු කරන පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුත් ස්වාධීනව කටයුතු කරන බව ඔහු පැවසුවේය.
ඔහු සඳහන් කළ මන්ත්‍රී ලැයිස්තුව මෙසේය
ඔහු සඳහන් කළ මන්ත්‍රී ලැයිස්තුව මෙසේය:
- විමල් විරවංශ
- උදය ගම්මන්පිල
- වාසුදේව නානායක්කාර
- තිස්ස විතාරණ
- ටිරාන් අලස්
- පුජ්‍ය අතුරලියේ රතන හිමි
- ගෙවිඳු කුමාරතුංග
- වීරසුමන වීරසිංහ
- අසංක නවරත්න
- මොහොමඩ් මුසම්මිල්
- නිමල් පියතිස්ස
- ගාමිණී වලේබොඩ
- ඒ.එල්. එම්. අතාවුල්ලා
- ජයන්ත සමරවීර
- උද්දික ප්‍රේමරත්න
ඊට ගයාෂාන් නවනන්දන මන්ත්‍රීවරයාගේ නම ඇතුළත් වුවද පසුව ඔහු නැගී සිට පැවසුවේ තමන්ගේ නම ලැයිස්තුවට ප්‍රකාශ කෙරුණ ද තමන් තීරණයක් ගන්නේ නම් එය තමා විසින්ම ප්‍රකාශ කරන බවයි.
මේ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ තමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ද ස්වාධීනව කටයුතු කරන බවයි.
එම පිරිස වන්නේ,
- මෛත්‍රීපාල සිරිසේන
- දයාසිරි ජයසේකර
- රංජිත් සියඹලාපිටිය
- ලසන්ත අලගියවන්න
- දුමින්ද දිසානායක
- චාමර සම්පත් දසනායක
- ශාන්ත බණ්ඩාර
- අංගජන් රාමනාදන
- සාරතී දුෂ්මන්ත මිත්‍රපාල
- සුරේන් රාඝවන්
- ජගත් පුෂ්ප කුමාර
- නිමල් සිරිපාල ද සිල්වා
- මහින්ද අමරවීර
- ශාන් විජයලාල් ද සිල්වා
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂය වෙනුවෙන් වැඩිම අවස්ථා ගණනක දී අදහස් දක්වනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. ''දැන් විපක්ෂය මෙහෙයවන්නේ රනිල්'' යනුවෙන් ඊට ආණ්ඩු පක්ෂය ප්‍රතිචාර දක්වන ලදී.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී විනාඩි 55කට පමණ පසු විපක්ෂ නායක සජිත ප්‍රේමදාස නැගී සිටියේය. එහිදී ඔහු අවධාරනය කළේ 69 ලක්ෂයේ බලාපොරොත්තු සහ පොදු ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවයි.
''තනි මොලෙන් නෙමෙයි, මොළ හතෙන් ප්‍රශ්න විසඳනවා කිවුවා. ජනතාව කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ජනපතිගේ සිට මේ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. අපි එන්නේ නෑ තාවකාලික ඇමතිකම් ගන්න. ඇමති අංතට්ටු දාගන්න අපේ කණ්ඩායමට රුදාවක් නෑ. පුලුවන්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න. '' යනුවෙන් සජිත් ප්‍රේමදාස පැවසුවේය.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් රාමේෂ්වරන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ලංකා කම්කරු කොංග්‍රසයපාර්ලිමේන්තු ආසන දෙකක් හිමිව තිබේ.
විජේදාස රාජපක්ෂද පාර්ලිමේතුවේ මේ වන විට ස්වාදීනව කටයුතු කරයි.
නවවැනි පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ සංයුතිය:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -145
සමගි ජන බලවේගය -54
ඉලංකෙයි තමිල් අරසු කච්චි -10
ජාතික ජන බලවේගය -3
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -2
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් -2
තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් -1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -1
මුස්ලිම් ජාතික සන්ධානය -1
තමිල් මක්කල් තේසිය කූට්ටනි -1
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය -1
ජාතික කොංග්‍රසය -1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -1
එක්සත් ජාතික පක්ෂය -1
අපේ ජන බල පක්ෂය -1








