සන්නද්ධ හමුදා කටයුතු ව්‍යවස්ථාවට අනුවයි- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරට විදේශ මහකොමසාරිස් හා තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් හමුව

ඡායාරූප මූලාශ්‍රය, SL Army

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරට විදේශ මහකොමසාරිස් හා තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් හමුව

මෙරට සන්නද්ධ හමුදා සාමාජිකයින් සෑම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකූලව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට විදේශ මහකොමසාරිස් හා තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් හමුවේ අද අවධාරණය කළේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින එම හමුව පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විදේශ දූත මණ්ඩල නිලධාරින් දැනුවත් කළේය.

වෘත්තීමය හැකියාවන්ගෙන් සමන්විත යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සැමවිටම රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලබන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක උපදේශකවරුන් හමුවේ කියා සිටියේය.

යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරට විදේශ මහකොමසාරිස් හා තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් හමුව

ඡායාරූප මූලාශ්‍රය, SL Army

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරට විදේශ මහකොමසාරිස් හා තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් හමුව

මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල මෙරට තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහභාගී වූහ.