රාජපක්ෂ පවුලේ කාල්ටන් නිවස සහ හිටපු ඇමතිවරුන්ගේ නිවාස වටලයි

වීඩියෝ ශීර්ෂ වැකිය, රාජපක්ෂ පවුලේ කාල්ටන් නිවස සහ හිටපු ඇමතිවරුන්ගේ නිවාස වටලයි

රාජපක්ෂ පවුලට අයත් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස සහ හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ නිවාස වැටලීමට ජනතාව ක්‍රියා කළහ.

එහිදී කාල්ටන් නිවස සහ හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ සහ රොෂාන් රණසිංහට අයත් නිවාස වැටලීමට ගිය පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

චමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ නිමල් ලන්සා යන හිටපු අමාත්‍යවරුන්ගේ නිවාස වැටලීමටත් රෝහිත අබේගුණවර්ධනට අයත් කලුතර කාර්යාලය වැටලීමටත් ජනතාව ක්‍රියා කළහ.

මේ අතර කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක් අද පස්වරු 6.00 සිට මීගමුව ගල්කන්ද හංදියෙන් නවතා ජනතාව මේ වන විටත් රජයට විරෝධය පළ කරමින් සිටිති.