ගෝඨාභය සහ 'ඇමරිකාවේ නඩු' ගැන මේ කරුණු දැන සිටියාද?

ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

ගෝඨාභය රාජපක්ෂ ගැන

ගෝඨාභය රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනය තුළ ප්‍රබල චරිතයකි.

  • ශ්‍රී ලංකා යුද හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධයේ අවසාන අදියරයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
  • 2009 වසරේ මැයි 18 වෙනිදා එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ දකුණේ යුද ජයග්‍රහණයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් විය.
  • යුද්ධයෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනුණු නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර අලංකරණ ව්‍යාපෘති දියත් කෙරුණේ ද ඔහුගේ මූලිකත්වයෙනි.
  • කොළඹ නගරය පවිත්‍රව තබා ගැනීම ද ඇතුළුව ගෝඨාභය "යම් විනයක්" පවත්වාගෙන යා හැකි නායකයෙකු බවට ඇතැම් බෞද්ධ භික්ෂූන් සහ දකුණේ ජනයා අතර යම් මතයක් නිර්මාණය විය.
  • 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිය සොහොයුරු මහින්ද රාජපක්ෂට යළි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ඇහිරී ඇති වාතාවරණයක ඒ සඳහා ගෝඨාභයගේ නම යෝජනා විය.
  • ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වන්නේ එවැනි වාතාවරණයකදීය.
  • 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටක පුරවැසිභාවය හිමි අයෙකුට ජනාධිපතිවරණය සඳහා තරග කළ නොහැක.

ඇමෙරිකාවේදී පවරන ලදැයි පැවසෙන නඩු මොනවාද?

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ඇමරිකාවේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරටදී නඩු පවරා ඇතැයි සඳුදා (අප්‍රේල් 08) වාර්තා විය.

එකී වාර්තාවලට අනුව:

  • සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත.
  • දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබේ.

අදාළ නඩු සම්බන්ධයෙන් ගෝඨාභය පාර්ශ්වයේ ප්‍රතිචාරය

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

අදාළ නඩුකර සම්බන්ධයෙන් පරස්පර අදහස් සහ මාධ්‍ය වාර්තා පළ විය.

  • දැනට ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ කර නොමැත.
  • නඩුකරවලට අදාළ නෛතික කැඳවීම් (Notice) ගෝඨාභය රාජපක්ෂ වෙත ඇමරිකාවේදී පෞද්ගලිකව ම භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සඳුදා (අප්‍රේල් 08) පැවසීය.
  • ඒ සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ "අප දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිදු ආකාරයක කැඳවීමක් (Summon) ලැබී නොමැති" බවය.
  • මේ අතර ගෝඨාභය රාජපක්ෂට අදාළ නෛතික කැඳවීම් භාර දුන් අවස්ථාව යැයි හැඟවෙන ඡායාරූපයක් ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම විසින් අඟහරුවාදා (අප්‍රේල් 09) ට්විටර් සමාජ ජාලයට එක් කළේය.
  • ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් ආයතනය පසුව අදාළ ඡායාරූපය සිය ට්විටර් පිටුවෙන් ඉවත් කර ගෙන ඇත.
  • එය ව්‍යාජ ඡායාරූපයක් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් මෙන්ම සමහරක් මාධ්‍ය ද පවසා තිබිණි.
ගෝඨාභය

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම පළ කර තිබූ ට්විටර් පණිවුඩය

දේශපාලන බලපෑම

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් නඩුකරයක් පවරා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම වැලක්වීමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන අතර ලොව කොතනකින් හෝ "යුක්තිය ඉටුවිය යුතු" බව ඇතැම් සිවිල් ක්‍රියාකාරීහු සඳහන් කති.

  • අදාළ නඩුකර මගින් ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවෙන් බැහැර යාමට හෝ ඇමරිකානු පුරවැසිකම අතහැරීමේ ක්‍රියාදාමයට බාධාවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කියා සිටියේය.
  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකර ඇති අපරාධවලට ශ්‍රී ලංකාවේ අධිකරණයකින් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ලොව වෙනත් අධිකරණයකින් හෝ එය සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ගාමිණී වියන්ගොඩ සඳුදා (අප්‍රේල් 08) පැවසීය.

ගෝඨාභයට එරෙහි වෙනත් චෝදනා මොනවාද?

Sri Lanka's former defence ministry chief Gotabhaya Rajapaksa (L), the brother of the former strongman leader Mahinda Rajapaksa, looks on from a court detention cell at the magistrate court in Colombo on September 30, 2016. Gotabhata and six others were granted bail following corruption charges made against them by the anti-graft commission over an alleged illegal operation over a floating armoury.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ සිර කුටියක සිටින ගෝඨාභය රාජපක්ෂ: පාවෙන අවි ගබඩාව මුල් කර ගනිමින් දූෂණ චෝදනා යටතේ පවරන ලද නඩුවෙන් ඔහු ඇතුළු සය දෙනෙකු ඇප පිට මුදා හැරුනේ 2016 වසරේදීය

මානව හිමිකම් කඩ කිරීම් මෙන්ම මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වේ.

  • ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ යුද්ධයේ අවසාන අදියරයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ මෙන්ම මාධ්‍යවේදීන් ඝාතන හා 'සුදු වෑන්' භාවිත කෙරුණු පැහැර ගැනීම් ගැනීම් මානව හිමිකම් සම්බන්ධ චෝදනා අතර වේ. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ දේශපාලන උවමනාවන් මත තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවය.
  • මතභේදයට තුඩු දී තිබෙන මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව, ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඔහුට එරෙහිව එල්ල වන මුල්‍ය චෝදනා අතර වේ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ වෙනත් පුවත්: