ගෝඨාභය රාජපක්ෂ: ලසන්ත ඝාතනය සහ වධ හිංසා චෝදනා යටතේ ඇමෙරිකාවේදී "නඩු දෙකක්"

ගෝඨාභය

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකාවේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සමග
කියවීමේ කාලය: මිනිත්තු 3

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇතැයි වාර්තාවේ.

ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයෙකු ඒ බව බීබීසි සිංහල සේවය වෙත තහවුරු කළේය.

ඉදිරියේදී තම පවුල විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍යට කරනු ඇති බව ඉහත කී පවුලේ සාමාජිකයා වැඩිදුරටත් පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ඇමෙරිකාවට ගොස් සිටින අතර ඉහත කී අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔහු මේ දක්වා කිසිත් ප්‍රකාශ කර නොමැත.

සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කතුවරිය මෙන්ම ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලංකා වර්තාකාරිනිය ලෙස කටයුතු කරන ධරිෂා බැස්ටියන්ස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් පවරා ඇති බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙකු වන අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අධිකරණයක නඩු පැවරීමට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය යොමුව ඇත්තේ ඒ අනුවය.

මේ අතර ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය කියා සිටියේ දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානය ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරූ බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඒ සම්බන්ධයෙන් නෛතික දැනුම්දීම ගෝඨාභය රාජපක්ෂට ඉරිදා (අප්‍රේල් 07) සිදු කළ බව ද එම සංවිධානය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඇමෙරිකාවේ පැසඩීනාහිදී ගෝඨාභය රාජපක්ෂ වෙත අදාළ කැඳවීම නිල වශයෙන් භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසයි.

මේ වන විට නිවාඩුවක් සඳහා කැලිෆෝනියාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ සිටින ස්ථානය පෞද්ගලික විමර්ශන කණ්ඩායමක සහයෙන් සොයා ගනු ලැබීමෙන් අනතුරුව එය ඔහු වෙත භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ කැඳවීම සහ දෙමළ තරුණයා සම්බන්ධ කැඳවීම ඒ මොහොතේ ඔහු වෙත ලබා දුන් බව එම නිවේදනයේ දැක්වේ.

ඒ සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

බ්‍රසීලයේ සිටි ශ්‍රී ලංකා තානාපති හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව 2017 වසරේදී බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කිරීමට මුලිකත්වය ගත්තේ ද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානයයි.

ලසන්ත ඝාතනය

ගෝඨාභය සහ ලසන්ත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2009 වසරේ ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංග කොළඹදී ඝාතනය වූ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

ඔවුන් දෙදෙනාම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේ පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංගගේ දියණියට ආරාධනයක් කර තිබුණි. ඒ සිය පියාගේ ඝාතකයන් ගැන දැනගැනීමට තමන් හමුවන ලෙසය.

"ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැනගන්න ලංකාවට ඇවිත් මාව හමුවෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ." යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ යැයි අරුණ පුවත්පත වාර්තා කර තිබිණි.

එයට ප්‍රතිචාරයක් දක්වමින් අහිම්සා වික්‍රමතුංග පවසා තිබුණේ සිය පියාගේ ඝාතකයන්ගේ තොරතුරු තමන්ට නොව පොලිසියට ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ යුතු බවය. එම ඝාතකයන්ට රාජතාන්ත්‍රික තනතුරු ලබාදීමට පෙර එය සිදුකළ යුතුව තිබු බව අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට පිළිතුරු දෙමින් සඳහන් කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම් සඳහා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් නඩුකරයක් පවරා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම වැලක්වීමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රී කාංචන විජේසකර පවසයි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවකු ලෙසවත් ගෝඨාභය රාජපක්ෂ නම් කර නොමැති බවය.

ඉහත කී සිවිල් නඩු මගින් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ගැටලුවක් විය හැකි ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත කරුණු අනාවරණය වී නැහැ.