දේශපාලන අර්බුදය: ජනපති මෛත්‍රීගේ 'සමනල්' කතාව ගැන රජයේ පැහැදිලි කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා පැවති රැලියකදී පසුගිය රජයේ තීන්දු සමනල කණ්ඩායමක් විසින් ගනු ලැබූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ බදාදා (07) අදහස් දැක්වීය
ඒ, කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මහින්ද සමරසිංහ එහිදී පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය "කිසිදු ලිංගික ජනකොටසක් පදනම් කරගෙන කරපු දෙයක් නොවන" බවය.
"ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය කිසිදු ලිංගික ජනකොටසක් පදනම් කරගෙන කරපු දෙයක් නෙවෙයි. මෙම ප්‍රකාශය හරහා සමහරු දේශපාලන වශයෙන් වාසි ගන්න බලනවා. ජනාධිපතිතුමා ඒක කිව්වෙ එවැනි අදහසකින් නෙවෙයි"
එසේනම් එම ප්‍රකාශයේ නිවැරදි අර්ථකථනය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පැවසුවේ, "ඒකට ඕන කෙනෙකුට ඕනෑ ම අර්ථකථනයක් දිය හැකි" බවය.
"සමනලයා කියන්නෙ අහිංසක සතෙක්. ඒ සමනලයාව වැරදි විදියට පාචිච්චි කරල තියෙන්නෙ" කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල එහිදී පැවසීය.
අමාත්‍ය ධුර පුරප්පාඩුව
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මේ වන විට කැබිනට් අමාත්‍ය ධුර 14ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 9ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 9ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී ඇතැයි මහින්ද සමරසිංහ එහිදී පැවසීය.
එහෙත්, මේ වන තෙක් අමාත්‍ය ධුර රැසක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් නොදීම හේතුවෙන් යම් අරාජික තත්ත්වයක් ඇති වී ඇද්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, එම අමාත්‍යංශවල ලේකම්වරුන් කෙටි කාලයකට එම කටයුතු හොඳින් කරගෙන යන බවය.
ලේකම්වරුන්ට අමාත්‍යංශ පාලනය කළ හැකි නම් අමාත්‍යවරුන් පත් කරන්නේ කුමකටදැයි එහිදී ප්‍රශ්නයක් මතු කළේය.
ඊට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, ඔවුන් කෙටි කාලයකට පමණක් අමාත්‍යංශයේ වැඩ කරගෙන යන බවය.
ලබන 14 වන දා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර අමාත්‍යවරුන් සියලු දෙනා පත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.
කඩින් කඩ අමාත්‍යවරුන් පත් කරන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, "එහෙම කරන්න එපා කියල නැති නිසා" එසේ කරන බවය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස බදාදා (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය.
තමන්ට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා පැවති රැලියකදී කළ ප්‍රකාශය පිළිබඳව එහිදී, අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ, "අභියෝග භාර ගැනීමට තමන් බිය නොවන බව"ය.
"අපි බලයට පත් වුණේ යහපාලනය ක්‍රියාත්මක කරන්න. මගේ අරමුණ වුණේ, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකට එකතු කරල සංහිඳියාවෙන් එකට ගමනක් යන්න. අර්බුදය මුල් කරගෙන පෞද්ගලික වාසි ගන්න එක නෙවෙයි මගේ අරමුණ වුණේ" සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
"මම ඒ අවස්ථාවෙ යුක්තිගරුකව, ගුණගරුකව, ශිෂ්ට සම්පන්න ආකාරයට හැසිරුණා. මං එතනදි දක්වපු ප්‍රතිචාරය නිවැරදියි කියල මම පිළිගන්නවා"










