විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප 16 ඉවත්වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනා සිය තනතුරුවලින් ඉවත්වූ බව ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව තිබේ.
සිය කණ්ඩායමේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූ බවද හිටපු අමාත්‍ය ජයසේකර සඳහන් කළේය.
ඒ අනුව සිය කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස අසුන් ගත්තද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක් නොවන බව ඔහු කියා සිටියේය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් රැඳී සිටින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.







